Tuesday, September 15, 2026
Homeදේශීයපරිත්‍යාගශීලින්ගේ ආධාර ඇතිව අලිවැටක්

පරිත්‍යාගශීලින්ගේ ආධාර ඇතිව අලිවැටක්

අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ බලාපොරොත්තුව ඇතිව මුන්දලම මහකුඹුක්කඩවල ඉදිකරණ ලද අලිවැට ඉකුත් දා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරනු ලැබුවා.
සුපුවත් අරණ අධ්‍යක්ෂක ගරු ඩැරල් කූඤ්ඤ පියතුමන් ගරු පියතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් පරිත්‍යාගශීලින්ගේ ආධාර ඇතිව මෙම අලි වැට ඉදිකිරිමේ කටයුතු සඳහා මැදහත් වී තිබුනා.
අගරදගුරු හිමිපාණන් ගරු ඩැරල් කූඤ්ඤ පියතුමන් සහ එම ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩමකර සිටියා.
මුන්දලම මහකුඹුක්කඩවල ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම යම්තාක් දුරට හෝ අවම කිරීමට ඉදිකරන ලද මෙම ඇලිවැට ප්‍රයෝජනවත් වනු ඇත

JUDE SAMANTHA

READ:   කොඩෙර්ලියා කෲස් මගී නෞකාවේ මංගල ගමන ශ්‍රී ලංකාව බලා පිටත් වේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්