Wednesday, April 15, 2026
Homeදේශීයඊශ්‍රායලයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ඊශ්‍රායලයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපති නාඕර් ඉට්සැක් ගිලොන් මහතා පෙබරවාරි 03 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී දෙරටෙ හි අන්‍යෝන්‍ය අවශ්‍යතා ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

අභිනව තානාපතිවරයාට සුබ පැතූ විදේශ අමාත්‍යවරයා, ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාව පවත්නා හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම පිළිබඳව යළි තහවුරු කළේ ය. දෙරටෙ හි ප්‍රයෝජනය සඳහා වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ තාක්ෂණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

READ:   නව රජයෙන් පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා දෙනවලු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්