Categories: දේශීය

මධ්‍යම කඳුකරයේ ජල උල්පත් සිඳී යාමේ අවධානමක්

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජල උල්පත් සිඳී යාමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.

මධ්‍යම කඳුකරයේ දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ස්වාභාවික ජල උල්පත්, දිය ඇලි, ගංගා, ඇල, දොල, වතු අභ්‍යන්තර වැව් සිඳීයාමේ අවධානමට ලක්ව ඇති බවත්, උඩරට පිහිටි ප්‍රධාන ජලාශයන්ගේ ජල මට්ටම් පවා මේ වනවිට ඉතාමත් සීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ඔවුහු කියති.

මේ වනවිට කඳුකරයේ පිහිටි සියළුම දිය ඇලිවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහත බැස ඇති බවත්, උඩරට ප්‍රධාන දිය ඇලි වන කඩියන්ලෙන හා ශාන්ත ක්ලෙයාර් දිය ඇලිවල ජල මට්ටම දිනෙන් දින සීඝ්‍ර ලෙස අඩුවෙමින් පවතින බවත්, ඇතැම් කුඩා දිය ඇලි සම්පුර්ණයෙන්ම සිඳී ගොස් ඇති බවද එම නියෝජිතයෝ පවසති.

සෑම වසරකම වියළි සමයේදි මධ්‍යම කඳුකරයේ කැළෑ බිම් විශාල ප්‍රමාණයක් ඇතැම් පිරිස් විසින් ඉවක් බවක් නොමැතිව ගිනි තබා විගාශ කිරීමට පුරුදුව ඇති බවත්, මේ දිනවලද උඩරට කඳුකරයේ කැළෑ බිම් අක්කර සිය ගණනක් ගිනි තබා විනාශ කොට ඇති බවද ඔවුහු කියති.

උඩරට කඳුකරයේ වර්ෂයක් පාසා සිදු කරනු ලබන මෙම කළෑ ගිනි තැබීම් කඳුකරයේ ජල උල්පත් සිඳී යාමට එක් ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවද උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

මධ්‍යම කඳුකරය හා ඒ ආශ්‍රීත වතුකරයේ පවතින මෙම දැඩි වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවැතිය හොත් ඉදිරියේදී පානීය ජල ගැටළුවකට පවා උඩරට වැසියන්ට මුහුණ පෑමට සිදුවන බව උඩරට පරිසර සංගම් නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.

දිනමිණ පුවත්පතෙන්

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

20 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago