Categories: දේශීය

මධ්‍යම කඳුකරයේ ජල උල්පත් සිඳී යාමේ අවධානමක්

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජල උල්පත් සිඳී යාමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.

මධ්‍යම කඳුකරයේ දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ස්වාභාවික ජල උල්පත්, දිය ඇලි, ගංගා, ඇල, දොල, වතු අභ්‍යන්තර වැව් සිඳීයාමේ අවධානමට ලක්ව ඇති බවත්, උඩරට පිහිටි ප්‍රධාන ජලාශයන්ගේ ජල මට්ටම් පවා මේ වනවිට ඉතාමත් සීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ඔවුහු කියති.

මේ වනවිට කඳුකරයේ පිහිටි සියළුම දිය ඇලිවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහත බැස ඇති බවත්, උඩරට ප්‍රධාන දිය ඇලි වන කඩියන්ලෙන හා ශාන්ත ක්ලෙයාර් දිය ඇලිවල ජල මට්ටම දිනෙන් දින සීඝ්‍ර ලෙස අඩුවෙමින් පවතින බවත්, ඇතැම් කුඩා දිය ඇලි සම්පුර්ණයෙන්ම සිඳී ගොස් ඇති බවද එම නියෝජිතයෝ පවසති.

සෑම වසරකම වියළි සමයේදි මධ්‍යම කඳුකරයේ කැළෑ බිම් විශාල ප්‍රමාණයක් ඇතැම් පිරිස් විසින් ඉවක් බවක් නොමැතිව ගිනි තබා විගාශ කිරීමට පුරුදුව ඇති බවත්, මේ දිනවලද උඩරට කඳුකරයේ කැළෑ බිම් අක්කර සිය ගණනක් ගිනි තබා විනාශ කොට ඇති බවද ඔවුහු කියති.

උඩරට කඳුකරයේ වර්ෂයක් පාසා සිදු කරනු ලබන මෙම කළෑ ගිනි තැබීම් කඳුකරයේ ජල උල්පත් සිඳී යාමට එක් ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවද උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

මධ්‍යම කඳුකරය හා ඒ ආශ්‍රීත වතුකරයේ පවතින මෙම දැඩි වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවැතිය හොත් ඉදිරියේදී පානීය ජල ගැටළුවකට පවා උඩරට වැසියන්ට මුහුණ පෑමට සිදුවන බව උඩරට පරිසර සංගම් නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.

දිනමිණ පුවත්පතෙන්

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

18 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

18 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago