බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය (ALFEA) විසින් ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන හයක මුදල් චෙක්පතක් (31) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදි.
මෙරට කොවිඩ් මර්දනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කඩිනම් එන්නත්කරණ ක්‍රියාවලිය විදේශයන්හි පැසසුමට ලක්ව ඇතිබව මෙහිදී සඳහන් විය.
ඒ හේතුවෙන් විදේශ රටවල් මෙරට ශ්‍රමිකයන් සඳහා රැකියා ලබා දීමට වැඩි කැමැත්තක් දක්වන බව බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ නිලධාරීහු අග්‍රාමාත්‍යතුමා හමුවේ සඳහන් කළහ.
කොවිඩ්-19 පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වීම ගැන අග්‍රාමාත්‍යවරය මෙහි දී බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයට සිය ප්‍රණාමය පුද කළේය


