දේශීය

ගැහැණු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට මුස්ලිම් කාන්තාවන්ගෙන් යෝජනාවක්

ගැහැණු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට මුස්ලිම් කාන්තාවන්ගෙන් යෝජනාවක් / “එක් රටක – එක් මූල්‍ය පද්ධතියක්” ක්‍රියාත්මක විය යුතු බවටබෞද්ධ සම්මේලනයෙන් යෝජනාවක් …

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පසුගියදා “එක් රටක් එක නීතියක්” සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ තම සම්මේලනයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

“එක් රටක්-එක් නීතියක්” සාක්ශාත් කර ගැනීමට නම් එක් රටක එක් මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක විය යුතු බවත්, ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනමම මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වීමෙන් අනෙකුත් ජාතීන්ට අසාධාරණයක් සිදු වන බවත් ඕවුහු පෙන්වා දුන්හ.

බෞද්ධ සම්මේලනය විසින් එළි දැක්වූ “සුපිලිපන් දේශපාලන ප්‍රතිපත්තිය” මෙහිදී කාර්ය සාධක බලකායට ඉදිරිපත් කෙරුණු අතර ශ්‍රී ලාංකික දේශපාලන ව්‍යුහය සැකසීමේදී එය උපයෝගීකරගත යුතු බවට නිර්දේශ කරන ලෙස ද ඉල්ලා සිටියහ.

අයථා අන්‍යාගමිකකරණය පිළිබඳ වූ ගැටලු සදහා පත් කෙරුණු කොමිෂමේ නිර්දේශ වාර්තාවලට පමණක් සීමාවීම කණගාටුවට කරුණක් බව සඳහන් කළ බෞද්ධ සම්මේලනය එක් රටක් – එක් නීතියක් සදහා වූ
ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණ සාක්ශාත් කරගැනීමට තම උපරිම සහය ලබා දෙන බව ද ප්‍රකාශ කළහ.

මුස්ලිම් කාන්තා සංවිධානයන් නියෝජනය කරමින් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත අදහස් හා යෝජනා ලබා දීමට පැමිණි වෛද්‍ය මරීනා රිෆායි සහ මාධ්‍යවේදනී සුහා කාසීම් යන අය ඇතුලත් මුස්ලිම් කාන්තා අයිතීන්
වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීහූ පිරිසක් කාති උසවි ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදු කළහ.

මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන්ට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ඕව්හු කාති ක්‍රමයේ අඩුපාඩු ඇති බවත් ඒවා වහා සංශෝධනයට ලක් විය යුතු බවත් ප්‍රකාශ කළහ. විශේෂයෙන් කාතිවරුන් වීමට සුදුසුකම් නොමැති අයවලුන් එම තනතුරට පත් කිරීම මෙම ගැටලුවට හේතුවක් බව ද අනාවරණය කෙරිණි.

ගැහැනු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් දැක්වූ මරීනා රිෆායි මහත්මිය කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ අතර එය අවුරුදු 25ක් පමණ විය යුතු බව සුහා කාසීම්
මහත්මිය ප්‍රකාශ කළාය. මිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බවයි.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට
තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් ආරම්භ කළේය.

අනතුරුව නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු පළාත් වල මෙන්ම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති කාර්යාල පරිශ්‍රයේ දී ද දිවයිනේ විවිධ පළාත් වලින් පැමිණි පිරිස් කාර්ය සාධක බලකාය හමුවේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

රජයේ ප්‍රවෘත්ති දෙ‍පාර්තමේන්තු වාර්තා

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago