තමාට එරෙහිව සමාජ මාධ්‍යයේ යූ ටියුබ් නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාවලට දේශීය හා අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ පිළිතුරු සැපයීමට කටයුතු කරන බව රෝසි සේනානායක මහත්මිය පවසයි. දෙසතියකට පෙර ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සම්බන්ධයෙන් ඊට සහභාගී වූ තරඟකාරියක් යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් හරහා රෝසි සේනානයක මහත්මියට දැඩි චෝදනා එල්ල කර තිබිණි.
තරඟයේ අවසන් විනිශ්චය ද යම් කිසි කෙනෙකුගේ මැදිහත්වීමකින් වෙනස් කර ඇතැයි එහි දී එම තරඟයට සහභාගී වූ බව කියන කාන්තාවක් පුන පුනා කියයි.
ඇමෙරිකානු සමාගමක් වන මිසිස් වර්ල්ඩ් ආයතනය, ඇමෙරිකානු නීතිය යටතේ එරටේම සමාගමක් වන යූටියුබ් (Google) සමාගමට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බව සේනානායක මහත්මිය කියා සිටියාය.
මිසිස් වර්ල්ඩ් සමාගම මෙම යූටියුබ් නාලිකාවට එරෙහිව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයේ හමුවට යාමේ හැකියාව සොයා බලමින් සිටින බව ද සැළවී ඇත.
මීට අමතරව තමා ද, සිවිල් අපහාස නීතිය යටතේ එම යූටියුබ් නාලිකාවටත්, එහි හිමිකරුට සහ එම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ තැනැත්තියටත් එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥයන් යොමුකර ඇතැයි ද සේනානායක මහත්මිය පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…