දේශීය

යූ ටියුබ් නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාකට රෝසි⁣ගෙන් අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක්

තමාට එරෙහිව සමාජ මාධ්‍යයේ යූ ටියුබ් නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාවලට දේශීය හා අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ පිළිතුරු සැපයීමට කටයුතු කරන බව රෝසි සේනානායක මහත්මිය පවසයි. දෙසතියකට පෙර ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සම්බන්ධයෙන් ඊට සහභාගී වූ තරඟකාරියක් යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් හරහා රෝසි සේනානයක මහත්මියට දැඩි චෝදනා එල්ල කර තිබිණි.
තරඟයේ අවසන් විනිශ්චය ද යම් කිසි කෙනෙකුගේ මැදිහත්වීමකින් වෙනස් කර ඇතැයි එහි දී එම තරඟයට සහභාගී වූ බව කියන කාන්තාවක් පුන පුනා කියයි.
ඇමෙරිකානු සමාගමක් වන මිසිස් වර්ල්ඩ් ආයතනය, ඇමෙරිකානු නීතිය යටතේ එරටේම සමාගමක් වන යූටියුබ් (Google) සමාගමට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බව සේනානායක මහත්මිය කියා සිටියාය.
මිසිස් වර්ල්ඩ් සමාගම මෙම යූටියුබ් නාලිකාවට ‍එරෙහිව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයේ හමුවට යාමේ හැකියාව සොයා බලමින් සිටින බව ද සැළවී ඇත.
මීට අමතරව තමා ද, සිවිල් අපහාස නීතිය යටතේ එම යූටියුබ් නාලිකාවටත්, එහි හිමිකරුට සහ එම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ තැනැත්තියටත් එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥයන් යොමුකර ඇතැයි ද සේනානායක මහත්මිය පවසයි.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

5 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

5 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

15 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

15 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

16 hours ago