දේශීය

විමුක්ති ලෝ ප්‍රකට බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිළ ජූරියකට තේරී පත්වේ…

ලොව තරගකාරීම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසට සැලකෙන (“විශේෂිකරණය නොවූ තරගකාරී සිනමා උළෙල” වර්ගීකරණයට යටත්ව: Non-Specialized Competitive Film Festivals) ජර්මනියේ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ 72 වෙනි අදියර (පෙබරවාරි 10- 20) නියෝජනය කරන ජූරි සභිකයින්ගේ නම් ඊයේ ප්‍රකාශයට පත්කෙරුණි. ඒ අනුව “තරගකාරී” හා “තරගකාරී නොවන” කාණ්ඩ ද්විත්වයට අයත් විවිධ අංශ යටතේ මෙවර බර්ලින් උළෙලේ තිරගත කෙරෙන කුලුඳුල් සිනමාපට අතුරින් “විශිෂ්ටතම කුලුඳුල් වෘත්තාන්ත සිනමා පටය තේරීම උදෙසා වූ නිළ ජූරිය” (Official Jury for Best First Feature Award) නියෝජනය කිරීමේ අවස්ථාව කාන් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දරට හිමිව ඇත. විමුක්තිට අමතරව, ඉතාලි ජාතික ගයියා ෆේරා (Gaia Furrer) සහ ඇෆ්ගනිස්තාන ජාතික සිනමා අධ්‍යක්ෂිකා ශර්බානෝ සදාත් (Shahrbanoo Sadat) යන දෙපළ ජූරියේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලැබේ.

1951 වසරේදී ආරම්භ වූ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියක් (නිළ හෝ ස්වාධීන හෝ වේවා) නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ වූ සිව්වෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර ෆෙලික්ස් ප්‍රේමවර්ධන (1994 දී – ක්‍රිස්තියානි ජූරිය) හා ඈෂ්ලි රත්නවිභූෂණ (1998 දී හා 2005 දී -නෙට්පැක් ජූරිය) ශ්‍රී ලාංකේය ජූරි සභිකයින් ලෙසින් බර්ලින් උළෙල නියෝජනය කොට ඇත. එහෙත් ප්‍රේමවර්ධන හා රත්නවිභූෂණ නියෝජනය කළ ජූරි සියල්ලම ස්වාධීන ජූරීන් (Independent Juries) වූ හෙයින්, බර්ලින් උළෙලේ නිළ ජූරියක් (Official Jury) නියෝජනයට ඇරයුම් ලද පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් විමුක්ති ජයසුන්දර ඉතිහාසයට එක්වේ. 1956 වර්ෂයේ සිට ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව “A” ශ්‍රේණියේ තරගකාරී සිනමා උළෙලක් ලෙසට වර්ගීකරණය වන බර්ලින් සිනමා උළෙල, ලොව අනෙකුත් සිනමා උළෙල වර්ගීකරණයන් තුළද ලොව “ඒ” ශ්‍රේණියේ සිනමා උළෙලක් ලෙසින් ශ්‍රේණිගත වේ.

කාන්ස් (වසර 76 ක් ඉපැරණි), වෙනිස් (වසර 90 ක් ඉපැරණි) හා බර්ලින් (වසර 72 ක් ඉපැරණි) යන ලොව ප්‍රබලතම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වය තුළ මේ දක්වා නිළ ජූරියක් නියෝජනය කිරීමේ අවස්ථාව ලද එකම ශ්‍රී ලාංකිකයා ලෙස්ටර් ජේම්ස් පීරීස් වන අතර (ප්‍රධාන අන්තර්ජාතික නිළ ජූරිය- කාන් සිනමා උළෙල- 1992 දී), එළෙඹෙන පෙබරවාරි 10 වෙනිදා සිට එවන් උළෙලක නිළ ජූරියක් නියෝජනය කිරීමට අවස්ථාව හිමිවන දෙවෙනි ශ්‍රී ලාංකිකයා බවට විමුක්ති ජයසුන්දර පත්වේ.

පළමු වරට 2005 වසරේදී ප්‍රංශයේ පැවති මර්සෙයි අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම ජූරිය නියෝජනය කරමින්, ජාත්‍යන්තර ජූරි සභිකයෙකු බවට පත්වූ විමුක්ති ජයසුන්දරගේ 17 වෙනි ජූරි නියෝජන අවස්ථාව 72 වෙනි බර්ලින් උළෙලේදී සටහන් වේ. ඒ අනුව මේ වන විට “ජාත්‍යන්තර ජූරි අවස්ථා වැඩිම සංඛ්‍යාවක් (16) නියෝජනය කළ ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරයා” යන වාර්තාවේ හිමිකාරිත්වය ප්‍රසන්න විතානගේට හා විමුක්ති ජයසුන්දරට සමව හිමිව තිබුණද, එළෙඹෙන පෙබරවාරි 10 වෙනිදා සිට එම වාර්තාවේ (අවස්ථා 17 යි) තනි හිමිකාරිත්වය විමුක්ති ජයසුන්දරගේ නමින් ලියවෙනු ඇත.
සටහන උපුටා ගැනීම- උදිත ලක්මාල් කහඳවආරච්චිගෙන්

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

8 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago