දේශීය

යාපනයේ දේවස්ථානයක සුරුවම් කුටියකට හානි

යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථානයක් තුළ තිබූ සුරුවම් කූටියක් 25 වැනිදා රාත්‍රියේ යමෙක් විසින් හානි කොට ප්‍රතිමාවට පලඳවා තිබූ රන් ආලේපිත මාලය කොල්ලකා ඇති බවට පොලීසිය පවසනවා.

පූලෝලි දකුණ ප්‍රදේශයේ පිහිටි ශාන්ත තෝමස් දේවස්ථානයේ සුරුවම් කුටියට මෙලෙස ප්‍රාහාරය එල්ලවී ඇති අතර එහිදී සුරුවම් කුටියේ වීදුරුව කඩා ප්‍රතිමාවට පලඳවා තිබූ රන් ආලේපිත මාලය මෙලෙස රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

අදාල සිදුවීම පිළිබඳව දේවස්ථානයේ පියතුමන්ලා විසින් පේදුරුතුඩුව පොලීසියට දැනුම් දීමෙන් න් අනතුරුව අදාල ස්ථානයට ගිය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇතත් මේ වනතුරුත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

අදාල ක්‍රියාව ආගමික කඩාකප්පල්කාරී කටයුත්තක් නොවන බවටත් කිසියම් පුද්ගලයෙකු රන් මාලයක් යැයි සිතා එය ගැනීමේ අරමුණින් යුතුව මෙම සුරුවම් කුටියට හානි කොට ඇතැයි සැක පල කරන බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
වන්නි රොමේෂ් මධුෂංඛගේ වාර්තාව Sri lanka catholic news හරහා උපුටා ගන්නා ලදී.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago