දේශීය

නැගෙනහිර ස්ථීර රාජ්‍ය සේවයට එක් වන කිසිදු සංවර්ධන නිළධාරිෙයකු දේශපාලන බලපෑම් කර මාරුවීම් ඉල්ලන්න එපා! – පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

සංවර්ධන නිළධාරින් ලෙස නැගෙනහිර පළාතේ ස්ථීර රාජ්‍ය සේවයට එක් වන කිසිවෙකු දේශපාලන බලපෑම් මත මාරුවීම් ඉල්ලා නොපැමිණෙන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කළාය.
තමාට ලැබුණු පළමු පත්වීමේ වසර 5ක කාලයක් අනිවාර්යෙන් සේවය කරන ලෙසද ආණ්ඩුකාරවරිය කීවාය.

තමාට ලැබුණු රැකියාවේ ගරුත්වය ආරක්ෂා කරමින් යහපත් රාජ්‍ය සේවයක් සිදු කර රටට බරක් නොවි විශ්‍රාම දිවියට පිවිසෙන්නැයි ද ආණ්ඩුකාරවරිය සදහන් කළාය. සංවර්ධන නිළධාරින් ලෙස බදවා ගත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල උපාධිධාරින්ට ස්ථීර පත්විම් ලබාදිමේ උත්සවයට ත්‍රිකුණාමලය විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේදි අද(26) පෙරවරුවේ එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

උපාධිධාරින් 2000ක් සදහා අද දින පත්වීම් ලබා දීමට නියමිතව තිබුණද පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හමුවේ එම සියළු උපාධිධාරින් නියෝජනය කරමින් 600 දෙනෙකු සදහා මෙම උත්සවයේදි පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි. සෙසු උපාධිධාරින් 1400 දෙනාගේ පත්වීම් ලිපි තැපැල් මගින් ලබාදිමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද සදහන් කළාය.

ඔබ සියළු දෙනාම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්. විශ්ව විද්‍යාලය දක්වාම ඔබට ඒ නිදහස් අධ්‍යාපනය තිබුණා. මෙවැනි නිදහස් අධ්‍යාපනයක් විශ්ව විද්‍යාල මට්ටමටම ලබා දෙන වෙන්ත් රටක් නැති තරම්. රට ඔබ වෙනුවෙන් කළ ඒ යුතුකම කවදාවත් අමතක කරන්න එපා. උපාධිධාරින් සියළුදෙනාට රජයේ රැකියා ලබාදීම රජයකට කළ හැකි දෙයක් නොවේ. නමුත් එම අභියෝගය අපේ රජය භාර ගත්තා. රජයේ රැකියාවක් දිය යුතු යැයි උද්ඝෝෂණ වලින් අවසන් වන එකම රට තමයි අපේ රට.
රජයේ රැකියාවක් ලැබුණු ඔබ රජයට සේවාවක් සිදු කළ යුතුයි කියන වගකීමද අමතක කරන්න එපා. ඔප ළගට එන අහිංසක ජනතාවට කාරුණිකව ඒ සේවය ලබාදිය යුතුයි. ඔබ රාජ්‍ය සේවයෙන් නික්මෙන දවසට රට වෙනුවෙන් ඔබේ යුතුකම් සහ වගකීම නිස්ි පරිදි ඉටු කරන්න යැයි”ද ආණ්ඩුකාරවරිය කීවාය.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

15 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

16 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago