දේශීය

නැගෙනහිර ස්ථීර රාජ්‍ය සේවයට එක් වන කිසිදු සංවර්ධන නිළධාරිෙයකු දේශපාලන බලපෑම් කර මාරුවීම් ඉල්ලන්න එපා! – පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

සංවර්ධන නිළධාරින් ලෙස නැගෙනහිර පළාතේ ස්ථීර රාජ්‍ය සේවයට එක් වන කිසිවෙකු දේශපාලන බලපෑම් මත මාරුවීම් ඉල්ලා නොපැමිණෙන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කළාය.
තමාට ලැබුණු පළමු පත්වීමේ වසර 5ක කාලයක් අනිවාර්යෙන් සේවය කරන ලෙසද ආණ්ඩුකාරවරිය කීවාය.

තමාට ලැබුණු රැකියාවේ ගරුත්වය ආරක්ෂා කරමින් යහපත් රාජ්‍ය සේවයක් සිදු කර රටට බරක් නොවි විශ්‍රාම දිවියට පිවිසෙන්නැයි ද ආණ්ඩුකාරවරිය සදහන් කළාය. සංවර්ධන නිළධාරින් ලෙස බදවා ගත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල උපාධිධාරින්ට ස්ථීර පත්විම් ලබාදිමේ උත්සවයට ත්‍රිකුණාමලය විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේදි අද(26) පෙරවරුවේ එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

උපාධිධාරින් 2000ක් සදහා අද දින පත්වීම් ලබා දීමට නියමිතව තිබුණද පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හමුවේ එම සියළු උපාධිධාරින් නියෝජනය කරමින් 600 දෙනෙකු සදහා මෙම උත්සවයේදි පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි. සෙසු උපාධිධාරින් 1400 දෙනාගේ පත්වීම් ලිපි තැපැල් මගින් ලබාදිමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද සදහන් කළාය.

ඔබ සියළු දෙනාම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්. විශ්ව විද්‍යාලය දක්වාම ඔබට ඒ නිදහස් අධ්‍යාපනය තිබුණා. මෙවැනි නිදහස් අධ්‍යාපනයක් විශ්ව විද්‍යාල මට්ටමටම ලබා දෙන වෙන්ත් රටක් නැති තරම්. රට ඔබ වෙනුවෙන් කළ ඒ යුතුකම කවදාවත් අමතක කරන්න එපා. උපාධිධාරින් සියළුදෙනාට රජයේ රැකියා ලබාදීම රජයකට කළ හැකි දෙයක් නොවේ. නමුත් එම අභියෝගය අපේ රජය භාර ගත්තා. රජයේ රැකියාවක් දිය යුතු යැයි උද්ඝෝෂණ වලින් අවසන් වන එකම රට තමයි අපේ රට.
රජයේ රැකියාවක් ලැබුණු ඔබ රජයට සේවාවක් සිදු කළ යුතුයි කියන වගකීමද අමතක කරන්න එපා. ඔප ළගට එන අහිංසක ජනතාවට කාරුණිකව ඒ සේවය ලබාදිය යුතුයි. ඔබ රාජ්‍ය සේවයෙන් නික්මෙන දවසට රට වෙනුවෙන් ඔබේ යුතුකම් සහ වගකීම නිස්ි පරිදි ඉටු කරන්න යැයි”ද ආණ්ඩුකාරවරිය කීවාය.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago