දේශීය

වත්මන් ආණ්ඩුව පසුගිය මාස 25 ට කෝටි 149,905 ක් අච්චු ගහලා. -කීර්ති තෙන්නකෝන්

මහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල මෙන් 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා

වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රු. කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට බලපාන සියළුම භාණ්ඩ මිල ඇදහිය නොහැකි අන්දමින් ඉහළ යමින් ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ආණ්ඩුව මේ වසරේ ගතවූ දින 25 ට පමණක් රු. කෝටි 15,704 ක් අච්චු ගසා ඇත.  

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා (2021 වසරේ දී) පමණක් ආණ්ඩුව රු. කෝටි 67,833 ක් (බිලියන 678.33) මුද්‍රණය කළේය. එයට දෙසැම්බර් 31 දින අච්චු ගැසූ ලක්ෂ 66,500 ද ඇතුලත් ය.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ ලෙස පත්වීමෙන් පසුව පමණක් රු. කෝටි 28,942 ක් මුද්‍රණය කර ඇත.

කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණත අගය රු. බිලියන 1284.37 ක් විය.  අද ව;න විට එය රු. බිලියන 1574.79 කි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට (2020 ජනවාරි) අද දක්වා රු.  කෝටි 149,905 ක් (රු.බිලියන 1,499.05) අච්චු ගසා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්වල (2022 ජනවාරි 25 දිනට) මුහුණත අගය රු. බිලියන 1,573.79 දක්වා ඉහළ ගොස් ඇත.

භාණ්ඩාගාර ලේකම්වරයා ගේ අවශ්‍යතාව මත, මහ බැංකු අධිපතිවරයා මුදල් අච්චු ගැසීම සිදු කරයි.  ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් පසුව වත්මන් ආණ්ඩුව බලයට පත් වන තෙක් අච්චු ගසා තිබූණේ රු. කෝටි 7474 ක් පමණී.   සරළව පවසන්නේ නම්, මහ බැංකුව ඇරඹි දා සිට 2020 දක්වා අච්චු ගසා ඇති මුළු මුදලට මෙන් 20 ගුණයක මුදල් ප්‍රමාණයක් පසුගිය මාස 25 තුල අච්චු ගසා ඇත.

‘‘සල්ලි අච්චු ගැසීම පාලනයකින් තොරව සිදු වන බව සක් සුදක් සේ පැහැදිලියි.  1950 සිට මේ දක්වා මහ බැංකු අධිපතිවරු 14 දෙනෙකු යටතේ අච්චු ගැසූ මුදල මෙන් 20 ගුණයක් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් හා අජිත් නිවාඩ් කබ්රාල් යටතේ අච්චු ගසා තිබේනවා.   සර් ජෝන් කොතලාවල, බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන පාලනයන් යටතේ අච්චු ගැසූ මුලු මුදල මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව යටතේ අච්චු ගසා තිබෙනවා.‘‘ යැයි හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පවසයි.

‘‘මුදල් අච්චු ගැසීම නිසා ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රාජ්‍යයන් අතරට එකතු වී තිබෙනවා.  මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින්ගේ උපදෙස්වලට පිටින් භාණ්ඩාකාර ලේකම් හා මහ බැංකු අධිපති ඒකාධිපතියෙකු සේ හිතුවක්කාරී ලෙස මුදල් අච්චු ගැසීම සිදු කරනවා“ යැයි ද තෙන්නකෝන් පවසයි.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

14 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago