දේශීය

ජනමාධ්‍ය ඇමතිගෙන් හොඳ කතාවක්

“දරුවන් සමත් අසමත් ලෙස බෙදා වෙන්කරන මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි ”- අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ වැඩසටහනක් ( 22) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණි.

කොවිඩ් වසංගතය නිසා රට වසා තැබූ අවදියේ ගෙදරට වී සිටි ළමුන් ධෛර්යමත් කිරීමේ අරමුණින් චිත්‍ර, ඡායාරූප, කථනය සහ නවනිර්මාණ අංශ වලින් සමන්විතව ළමා තරගාවලිය සංවිධානය කර තිබූ අතර විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන්ටද එය විවෘත විය.

අපේ දූ දරුවන් දක්ෂයි. ඒ නිසා ඒ දක්ෂතාවය විශ්වාස කළ යුතු කාලය එළඹ ඇතිබව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

“දරුවන් විශ්වාස කරන්න. ඔබේ දුවට පුතාට අසීමිත ශක්තියක් තියෙනවා. ඔවුන් ධෛර්ය සම්පන්න දරුවන්, ඔවුන්ට කල නොහැක්කක් නොමැත කියල හැම අම්ම තාත්ත කෙනකුම විශ්වාස කරන්න. මේ කාලයේ දරුවන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් විශාල සංවාදයක් තියෙනවා. අපයෝජනයක් සිදුවන්නේ ලිංගිකව විතරක් නෙවෙයි. එය ශාරීරිකව හා මානසිකවත් සිදුවෙනවා. වාර්තාවන අන්දමට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි. ඒ නිසා විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් ලැබෙන්නෙ නැහැ.” අමාත්‍යවරයා පැවසුවේය.

දිළිඳු කම, අන්තවාදය, ත්‍රස්තවාදය ඇතිවීමට ප්‍රධානතම හේතුව නිසි අධ්‍යාපනයක් නොලැබීම බවත් 21 වන ශතවර්ෂයට ගැලපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කල යුතු කාලය පැමිණි බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ ලෙස භේද නොවී ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පාර්ලිමේන්තුවේ සියලුම දෙනා එකතුවීමේ අවශ්‍යතාවයත් ඇමතිතුමන් පෙන්වා දුන්නේය.
“දරුවා දක්ෂ මොකටද කියල හොයාගන්න තරම් අපේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලි භාවයෙන් තොරයි. ගණිතය අසමත් වුනොත් සලකන්නේ ජීවිතයම අසමත් විදියට. හැබැයි ඒ දරුව ගණිතය අසමත් වුනාට සංගීතයට, චිත්‍ර අඳින්න, නව නිර්මාණ වලට දක්ෂ ඇති. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඒක හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දරුවො සමත් අසමත් විදියට බෙදන මේ අධ්‍යාපන ක්‍රමයට නැවතීමක් තියන්න කාලය හරි. ඒ සඳහා නව විභාග ක්‍රමයක් ඇති කළ යුතුයි. එය කටපාඩම් මත පදනම් වූ විභාග ක්‍රමයක් නොවිය යුතු” යැයි වැඩිදුරටත් අමාත්‍යතුමන් පැවසුවේය.

ලෝකයේ දියුණු කිසිම රටක් දරුවකු පිළිබඳ මාධ්‍ය වාර්තා කරණයේදී දරුවා සමාජයට අනාවරණය කරන්නේ නැහැ. දරුවකු පත්තර පිටුවක හෝ කැමරා කාචයකදී ද අපයෝජනය විය හැකියි. ඒ නිසා දරුවන් පිළිබඳ වාර්තා කරණයේදී සංවේදීව සැලකිළිමත් ලෙස වාර්තා කරන මෙන් මාධ්‍ය ආයතන වලින් අලහප්පෙරුම මහතා ඉල්ලීමක්ද කළේය.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

6 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

6 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

7 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

7 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

8 hours ago