Wednesday, April 29, 2026
Homeදේශීයතනිව පියාසැරූ සාරා ලෝක සවාරිය නිම කරයි

තනිව පියාසැරූ සාරා ලෝක සවාරිය නිම කරයි

සැහැල්ලු ගුවන් යානයකින් තනිව ලොව වටා සංචාරය කළ 19 හැවිරිදි සාරා රදර්ෆර්ඩ් නව ලෝක වාර්තාවකට හිමිකම් කියමින් බෙල්ජියමේ කෝට්රේ නුවරට පෙරේදා (20) ළඟා වූවාය.

පසුගිය 2021 වසරේ අගෝස්තු මස 18 දා කෝට්රේ නුවරින් සංචාරය ආරම්භ කළ ඇය තනිව ලොව වටා පියසැරි වික්‍රමයක යෙදුණු ලාබලතම කාන්තාව වන්නීය.

කෝට්රේ ගුවන්තොටුපොළට පැමිණි සාරා පිළිගැනීමට ඇගේ පවුලේ සාමාජිකයන්, යහළු යෙහෙළියන්, මාධ්‍ය කණ්ඩායමක් ද රැස්ව සිටි බව වාර්තා වන අතර, ‘මා හිතුවාට වඩා ඒක අමාරු වික්‍රමයක්’ යැයි සාරා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. ‘දැන් ඉතිං ටික දවසක් මා පොළොවේ පය ගහලා ඉන්න තීරණය කළා’ යැයි සාරා මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   ඩී.ජෙ.සංගීතයකදී වෙඩි තබා ඝාතනයක් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්