Monday, June 15, 2026
Homeදේශීයදින 21කට ඩෙංගු රෝගියෝ 5,500ක්

දින 21කට ඩෙංගු රෝගියෝ 5,500ක්

නව වසර ඇරැඹී ගෙවුණු දින 21ක කාලයේදී ඩෙංගු රෝගීන් 5,500ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා පන්නිලහෙට්ටි මහත්මිය ‘දිනමිණ‘ට ඊයේ (21) පැවසුවාය.

ඔවුන්ගෙන් සියයට 60ක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක් වන අතර, ගාල්ල හා කුරුණෑගල නගර සීමාවෙන් ද සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ඇය සඳහන් කළාය.

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර, සැප්තැම්බර් මාසයේදී රෝගීන් 1,370ක්, ඔක්තෝම්බර් මාසයේ රෝගීන් 2,979ක්, නොවැම්බර් මාසයේ රෝගීන් 4,561ක් හා දෙසැම්බර් මාසයේ රෝගීන් 8,096ක් වශයෙන් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත.

මේ දිනවල පැතිර යන ඩෙංගු හා කොරෝනා වයිරස රෝගීන්ගේ මුල් රෝග ලක්ෂණ එක හා සමානය. උණ, හිසරදය, ඇස් යට වේදනාව, ඔක්කාරය හා වමනය ඩෙංගු රෝග ලක්ෂණ වන අතර, ශ්වසන රෝග ලක්ෂණ, හිසරදය සමඟ උගුරේ වේදනාව කොරෝනා රෝග ලක්ෂණ වේ.

එම නිසා රෝග විනිශ්චය සහ උපදෙස් සඳහා වෛද්‍ය සහාය ගන්නා ලෙස ඉල්ලා සිටින නිමංකා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළේ රෝහල්ගත වීම සඳහා බිය නොවන ලෙසයි.

දිනමිණ වාර්තාවකි

READ:   IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම ගැන විමල් වීරවංශ ප්‍රශ්න කරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්