Wednesday, April 22, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම දරුවන් ආරක්ෂා කිරීමද, අපයෝජකයින් ආරක්ෂා කිරීමද?...

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම දරුවන් ආරක්ෂා කිරීමද, අපයෝජකයින් ආරක්ෂා කිරීමද? Is NCPA responsible for protecting children or abusers? Ncpa Sri Lanka

Dr Tush Wickramanayaka

(Founder Chairperson
Stop Child Cruelty Trust)

නුසුදුසු ඉරියව් වලින් සිටින දූවරුන්ගෙ පිංතූර අරං FB දාපු බිස්නස් එකක් ගැන අධිකාරියට යොමු කල නවතම පැමිණිල්ලට ලැබුනු ප්‍රතිචාරය පහතින්. මේ ලියුම ලියලා තියෙන්නෙ පේජ් එකේ Admin ට… මොකාද දන්නෙ නෑ. දණ්ඩ නීතිය ගැන අවධාරණය කරලා සැක කරුට උපදෙස් දෙනවා ගිණුම සකසා ගන්න/Hot tips. අන්තිමට සුභ පතනවා/Best wishes. අධිකාරියට එන්න කියලාවත්, විමර්ශනයට පෙනී සිටින්න කියලවත් නෑ.

“දැනටමත් ඔබ විසින් කුඩා ළමයින්ගේ චායාරූප රැසක් අන්තර්ජාලයට මුදා හැර ඇති අතර….” ඒ කියන්නෙ මේ දරුවන් අවධානමට ලක් වෙලා ඉවරයි. එහෙනම් ගිණුම සකසා ගන්න උපදෙස් දෙන්නේ කාව ආරක්ෂා කරන්නද? පේජ් එක සැකසීමේදී සමහර පිංතූර අයින් කරගෙන සහ “දිග කොණ්ඩය” සහිත ගෑණු දරුවන් ඉල්ලා තිබ්බ ඇඩ් එකත් අයින් කරලා. මේවා සාක්ෂි නොවේද

පැමිණිල්ලක් ලැබුණු විගස කළ යුත්තේ අදාල දරුවන් අවදානම් තත්වයක සිටිනවාද නැද්ද කියලා තහවුරු කර ගැනීමයි/Risk assessment. ඉන් පසු කඩිනමින් විමර්ශන ආරම්භ කිරීමයි/Investigate.

මෙරට ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක් වීමට මීටත් වඩා හේතු අවශ්‍යද? ඉතාමත් බල සම්පන්න පනතකින් පිහිටවූ අධිකාරියට සාමාන්‍ය පොලිසියකටත් වඩා බලතල තියන බව එහි කාර්‍ය් මණ්ඩලය නොදැනීම තරම් ඛේදවාචකයක් නැත.

නව සභාපති තුමනි, (දන්න කෙනෙක් ඉන්නවානම් tag කරන්න) 1929ට දැණුම් දෙන්න කියන පණිවිඩය සාර්ථකයි. අච්චරක් කිය කියා සංඛ්‍යා දත්ත දෙනවා වාගේම මෙච්චරක් කිය කියා සූක්ෂමව විමර්ශන හමාර කරන්න. එතකං මේ පේජ් එක තාවකාලිකව අත් සිටුවන්න.

ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම දරුවන් ආරක්ෂා කිරීම මිස අපයෝජකයින් ආරක්ෂා කිරීම නෙවේ. එච්චරයි. සරලයි! #ඉලක්කමක්පමණයි#justanumber#ஓர்எண்மட்டுமே

– Dr.Tushara Wickramanayaka 

(Founder Chairperson
Stop Child Cruelty Trust)

READ:   9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය අද ඇරඹේ- ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්