සහන මලු ලක්ෂයක්..
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.
ඒ අනුව, සුපිරි සම්බා කිලෝ 10ක්, සුදු සීනි කිලෝවක්, රතු පරිප්පු කිලෝවක්, ඉඳිආප්ප පිටි කිලෝවක් , හාල්මැස්සන් ග්‍රෑම් 500ක්, නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්, මේස ලුණු ග්‍රෑම් 400ක්, පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්), මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, තුනපහ කුඩු ග්‍රෑම් 100ක්, කහකුඩු ග්‍රෑම් 100ක්, STC තේකොළ ග්‍රෑම් 100ක්, ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්, සතොස සඳුන් සබන් කැටයක්, දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්, සෝයාමීට් ග්‍රෑම් 90ක්, සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්, පපඩම් පැකට් 1ක්, ශල්‍ය මුහුණු ආවරණ 10ක් ඇතුළත් මෙම භාණ්ඩ මල්ල රු.3998/=කට පාරිභෝගිකයා වෙත ලබා දීමට ලංකා සතොස අළෙවිසැල් හරහා අද සිට පහසුකම් සලසා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
වෙළෙඳපොල සමීක්ෂණයකට අනුව, අනෙකුත් සුපිරි වෙළෙඳසැල් ජාල වලින් මෙම භාණ්ඩ වර්ග 20 මේ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගන්නා විට රු.6521/=, රු.5834/=, රු.5771/= ක් වශයෙන් ගෙවීමට සිදු වූ බවත්, මෙම භාණ්ඩ මල්ල රු.3998/=ක මුදලකට පාරිභෝගිකයා විසින් ලබා ගන්නා විට අවම වශයෙන් රු.1750/=ක වාසියක් ලැබිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
ලංකා සතොස අළෙවිසැල් නොමැති ප්‍රදේශ වල ජනතාවට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
එමෙන්ම නවීන තාක්ෂණය යටතේ දේශීය ව්‍යවසායකයෙකු විසින් සකස් කර අපනයනය කරනු ලබන දියර පොල් කිරි පැකැට්ටුවක් ද මෙම සහන මල්ලට ඇතුළත් කිරීමට හැකියාව ලද බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ අනුව ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පොල්ගෙඩි දෙකක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්) රු.150/=ක සහන මිලට පාරිභෝගිකයා වෙත නිකුත් කෙරෙන බව ද සඳහන් කරන ලදී.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී.රූබසිංහ මහතා, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ද සහභාගී වී සිටියහ.
– මාධ්‍ය ඒකකය,
වෙළෙඳ අමාත්‍යාංශය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…