ක්‍රීඩා

උද්‍යෝගිමත් තරගාවලියක් අපේක්ෂාවෙන් යොවුන් පිල සිකුරාදා සටනට

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු සටන ජනවාරි මස 14 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව ආරම්භ කරනු ඇත. ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදිනු ලබන දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් පිළේ සෙසු ප්‍රතිවාදීන් වන්නේ තෙවතාවක් යොවුන් ලෝක ශූරයින් බවට පත් වූ ඔස්ට්‍රේලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වේ.

තමා ඇතුළු කණ්ඩායම ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව අදහස් දක්වා සිටින නායක දුනිත් වෙල්ලාලගේ පළමු තරගය සඳහා කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවත්, පළමු වටයේදී ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීමට අවශ්‍ය සහාය සිය කණ්ඩායම විසින් ලබාදෙනු ඇති බව විශ්වාස කරන බවත්ය.

“අපිට ඉතාම හොඳ කණ්ඩායමක් ඉන්නවා. ක්‍රීඩකයින් සියල්ලම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට සැබැවින්ම උද්‍යෝගිමත්ව සිටිනවා. මේ සඳහා සියලුම ක්‍රීඩකයින් ඉතාමත් හොඳ මානසික මට්ටමක පසුවනවා. ඒ වගේම මේ ලෝක කුසලාන තරගාවලිය අපිට හොඳ අවස්ථාවක්. මොකද පසුගිය මාස කීපයේදීම අපි මුලින්ම බංග්ලාදේශය සමඟත් පසුව එංගලන්තය සමඟත් ක්‍රීඩා කරලා තියෙන නිසා” යැයි වෙල්ලාලගේ පවසයි.

ලෝක කුසලාන සටන දියත් කිරීමට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම රටකම නායකයින් වෙනුවෙන් මාධ්‍ය හමු පවත්වන ලදුව ඒ අතරතුරදී ශ්‍රී ලංකා යොවුන් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“එම තරගාවලි දෙකෙන් පස්සේ අපි ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරයින් බවට පත් වුණා. දැන් අපි ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ ඉතා හොඳ සූදානමකින් පසුවනවා” යි සඳහන් කරන ශ්‍රී ලංකා යොවුන් නායකයා, කණ්ඩායමේ ශක්තිය වන්නේ පිතිකරණය බවද සඳහන් කර සිටියි.

“අපේ ශක්තිය බැලුවොත් පිතිකරණ තමයි හොඳම අංශය. පිතිකරණ ලැයිස්තුව හොඳ වගේම එය ඉතාම සමබරව පිතිකරණ ලැයිස්තුවක් සිටිනවා” යි පවසන වෙල්ලාලගේ සෙසු ප්‍රතිවාදීන් එල්ලවිය හැකි අභීයෝග පිළිබඳවද අදහස් දක්වා සිටියේය.

“මම හිතන විදියට බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව හොඳ කණ්ඩායම්. ඔවුන්ට එරෙහිව ඉතා හොද සටනක් ලබා දීමට හැකි වෙයි” යැයිද වෙල්ලාලගේ කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ලොව හොඳම පුහුණු උපදේශකයා ලෙසින් මේ වන විටත් සැලකෙන මහේල ජයවර්ධනද සිටියි. ප්‍රධාන පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධනට අමතරව මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ සිටීම නිසා ඔහුගෙන් ලබාගත හැකි අත්දැකීම් මිල කළ නොහැකි බවද වෙල්ලාලගේ සඳහන් කර සිටියි.

චමිල් කරවිට

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago