දේශීය

නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිළි කිරීම

මහ බැංකුවක ජාත්‍යන්තර සංචිත කළමනාකරණය යනු ගතික සහ තාක්ෂණික ක්‍රියාවලියක් වන අතර, එය සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ රටක විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගි කරගත හැකි බව සහ නිශ්චිත පරාසයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාලනය කළ හැකි බව සහතික කිරීම සඳහා ය. ඒ අනුව, ආයෝජන උපකරණවල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ්‍රණය, ද්‍රවශීලතා අවශ්‍යතා, කල් පිරීමේ කාලසීමාව, ලාභදායිත්වය, ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් උචිත සංචිත කළමනාකරණ ප්‍රතිපත්ති අනුගමනය කිරීම රටින් රටට වෙනස් විය හැකි අතර, එය රටෙහි විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප්‍රමුඛතා මත රඳා පවතී.

මෙම පසුබිම තුළ, 2021 දෙසැම්බර් මස අවසන් වන විට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස් වීම සම්බන්ධයෙන් නොමග යවන සුළු සහ වැරදි අර්ථකථන ගෙන දෙන මාධ්‍ය වාර්තා කිහිපයක් කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ඉහත දක්වා ඇති සංචිත කළමනාකරණ ක්‍රියාවලියේ සියලුම අංශ සලකා බලා, නිල සංචිත සංයුතියේ වෙනස්කම් සංචිත කළමනාකරණ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවලට අනුකූල වන බව පැහැදිලි කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. ඇත්ත වශයෙන්ම, 2008 වසර අවසානය වන විට රටේ රන් සංචිතය එ. ජ. ඩොලර් මිලියන 92ක් (එ. ජ. ඩොලර් බිලියන 2.6ක දළ නිල සංචිතවලින් සියයට 3.6 ක්) පමණක් වූ නමුත්, 2014 වසර අවසානය වන විට, රන් සංචිතය එ. ජ. ඩොලර් මිලියන 893 (එ. ජ. ඩොලර් බිලියන 8.2 ක දළ නිල සංචිතවලින් සියයට 10.9ක්) දක්වා ක්‍රමයෙන් වැඩි විය. එබැවින්, විදේශ සංචිතයෙහි රන් වත්කම් කොටස, පවතින සංචිත කළමනාකරණ ප්‍රමුඛතාවලට අනුකූලව රන් සංචිත මිලදී ගැනීම, රඳවා ගැනීම හෝ විකිණීම පිළිබද මහ බැංකුවේ තීරණ පිළිබිඹු කරමින්, වරින් වර වෙනස් විය හැකි බව පැහැදිලි වේ.

ඒ අනුව, සංචිත කළඹේ ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මත පදනම්ව 2021 අවසන් වන විට මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 175 (එ.ජ.ඩොලර් බිලියන 3.1 ක දළ නිල සංචිතවලින් සියයට 5.6) දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරියේදී විදේශ සංචිත කළඹේ සංයුතියෙහි වෙනස් වීමක් අවශ්‍ය වන මට්ටමක් දක්වා වර්ධනය වන විට, එහි රත්‍රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මහ බැංකුව සලකා බලනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago