පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු අසනීපව කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි, පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
බොරැල්ල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ බන්ධනාගාරගතව සිටි කල්මුණේ, පල්ලිය පාරේ පදිංචි මොහොමඩ් කලින් නමැති සැකකරු මෙසේ මිය ගොස් ඇති බවයි.
ඔහු 42 වන වියේ පසුවන බවද හෙළිවී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරු 2021 අප්‍රේල් 06 වැනි දින රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් 23 වැනි දින බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දෙසැම්බර් 5 වැනිදා සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
එහි ප්‍රතිකාර ලබන අතරවාරයේ ඊයේ(04) ඔහු මියගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි.
වාර්තාව – දිනමිණ පුවත්පතa21
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM