වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සඳහා එන්නත්කරණය එළැඹෙන සිකුරාදා (07) ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙයට පෙර වයස අවුරුදු 15-19 අතර ළමුන් සදහා වන එන්නත්කරණය සිදු කෙරිණි. එයට අමතරව වයස අවුරුදු 12-15 දක්වා විවිධ සංකූලතා සහිත ළමුන් සදහා එන්නත්කරණයද මෙයට පෙර සිදු කල අතර, 30,000 ක පමණ ළමුන් පිරිසක් එ් තුල එන්නත්කරණයට ලක් කෙරුණි.
වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සදහා වන එන්නත්කරණයේ දී මේ වන විට එක් එන්නතක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබේ. එමෙන්ම පාසැල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් පාසැල් ගුරුවරුනටද එම ස්ථානයන්හිදී එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පාසල් ළමුන් ප්‍රවාහනයේ නියැළෙන්නෙන් ඇතුළු පිරිස් සදහා ද මෙයට සමගාමීව බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාව ඇති බවත්, ඒ තුළ කොවිඩ් ව්‍යසනයේ දී දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිම පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රට නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමග එළැබෙන සදුදා (10) සිට පාසැල් ද සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යමින් සියළුම සිසුන් එකවර පාසල් කරා පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
මෙයට පෙර කොටස් වශයෙන් පාසල් කරා ළමුන් පැමිණි අතර ඒ අනුව එළැඹෙන සදුදා සිට සාමාන්‍ය පරිදි ළමුන්ගේ පැමිණීම සිදුවනු ඇත.
අද (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, එහිදී ඒ මහතා මෙසේ ද පැවැසීය.
“වර්තමානයේ එන්නත්කරණය හරහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. රට සාමාන්‍යකරණ වැඩපිළිවෙලේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත්. ගුරු භවතුන්ගේ සිට සම්පුර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයම නියෝජනය වන පරිදි මේ අනුව එන්නත ලබාදීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සුදානම් කර තිබෙනවා. මේ වන විට එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධව අභියෝග රැසක් ජයගෙන තිබෙනවා. එය ඉදිරියට ගෙනගොස් අංග සම්පුර්ණ ආවරණයක් ලබාගැනීමට මෙම වැඩපිළිවෙලට සම්බන්ධ වී සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න.”
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…