සත්‍යය අසත්‍යය කුමක් වුවත් ජනාධිපතිවරයාට අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතු බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.
සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙනවා.
එම සටහන පහතින්
ජනාධිපතිවරයාට අපහාස කරන්නන් දඬුකඳේ ගැසිය යුතුය
ජනාධිපතිවරයාට අපහාස වන දේ සමාජ මාධ්‍යයේ පළ කිරීම හෝ එවැනි දේ අනෙක් අය අතර බෙදා හැරියොත් එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
එහෙයින් මෙසේ ලියන්නට සිතිණි.
ජනාධිපතිවරයා පත්වූ දා සිට මේ දක්වා මේ රටේ කිසිදු දූෂණයක්, වංචාවක්, හොරකමක් සිදු නොවුනේය. බඩු මිල එන්න එන්නම පහත වැටී වැටෙන්නට වෙන පතුලක් නැතිව පස් යට සැඟවී ගියේය. මරණ දඩුවම හෝ සිර දඩුවම හෝ නියම වූ හෝ කිසිවෙක් නිදොස්කොට නිදහස් නොකෙරිණි. රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර පමණක් යෙදීමෙන් රට සහලින් සහ අනෙකුත් භව බෝගවලින් ස්වයංපෝෂිත වී ගොවියා රජෙක් බවට පත්විය. දේශීය නිෂ්පාදන එන්න එන්නම වැඩිවී අපනයන අහස උසට නැග විදේශ විනිම සංච්තයේ බර දරා ගන්නට බැරිව මහ බැංකු ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියන තත්ත්වයට පත්ව තිබේ. ගෑස් ටැංකි පිපිරීම් වලට වරදකරුවන් වූ ගෑස් සමාගම්වලට උපරිම දඩුවම් ලබා දී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා නිර්දේශ සියල්ලම අකුරටම ක්‍රියාත්මක කොට වගකිවයුතු සියල්ලන්ටම උපරිම දඩුවම් ලබා දී තිබේ.
මේ සියල්ලට නායකත්වය දුන් අයෙකුට එසේ නොකළේ යැයි කීම මහා අපහාසයකි. සත්‍යය අසත්‍යය කුමක් වුවත් එසේ අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතුය.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා.
04.01.2022
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM