පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ කොළඹ නිවසක රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් එසේ රැස් වී ඇත්තේ පොහොට්ටුවට හිතවත් ප්‍රබලයකුගේ නිවසක දී. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහන පැකේජ මාධ්‍ය හමුවෙන් පසුව මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වෙනවා. ඔවුන් කවුරුන්ද යන්න නම් වශයෙන් හෙළි නොවුණත් ඊට සහභාගි වූ සියලුම මන්ත්‍රීවරුන් පාහේ පොහොට්ටුවෙන් පළමුවරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්. මීට මූලික වී ඇති චරිතය වන්නේ ආන්දෝලනාත්මක මත දැක්වීම් මත පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ පැහැදිලි නැතත් “පසුපෙළින් අපේ හඬ” නමින් වෙනම ම ගමනක් යෑම වරප්‍රසාද හිම් නොවුණු මෙම මන්ත්‍රීවරුන් පිරිසේ බලාපොරොත්තුවයි. පොහොට්ටුවේ ඉහළ අය මේ සම්බන්ධව දැඩි අවධානයකින් කටයුතු කරන බව ද වාර්තා වෙනවා. පෙර සඳහන් කළ බදුල්ලේ පොහොට්ටු මන්ත්‍රීවරයා ම මීට ඉදිරි නායකත්ව ද දෙනු ඇති. නුදුරු දිනයක දී ඔවුන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද එහිදී කතාබහ වී තිබෙනවා.
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM