දේශීය

2022 දී ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගත කිරීමේ බලාපොරොත්තුවක්

2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී ශ්‍රමිකයින් 120,000 ක් පමණ විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීමට හැකි වූ බවත්, කොවිඩ් වසංගතය පැවති සමයේදී රටවල් රැසක් අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවක සාර්ථකව විදේශ රැකියා ක්ෂේත්‍රය අඩපණ නොවී රැගෙන යාමට හැකි වූ බවද සඳහන් කළේය.

පියංකර ජයරත්න මහතා මෙම අදහස් පළකළේ, නව වසරේ රාජකාරි ආරම්භ කරමින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක මණ්ඩලය අමතමිනි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අවම වශයෙන් දිනකට ශ්‍රමිකයින් 850 දෙනෙකුවත් ලියාපදිංචි කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම ඉලක්කය සපුරා ගැනීමට නම්, සියළුම නිළධාරීන් කැපවී සිටිය යුතුය. එසේම විදේශ රැකියා නියෝජිතායතනවල සහයෝගයද අත්‍යාවශ්‍ය බව සඳහන් කළේය.

විදේශ රැකියා ලාභීන්, රැකියා නියෝජිතායතන හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සාර්ථක ගමනක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගි වූ අතර, ඊට අමතරව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Recent Posts

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

7 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

7 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago