දේශීය

2021 දී විදේශ ශ්‍රමිකයින් වෙනුවෙන් ලක්ෂ 2456ක් සුභසාධන පහසුකම් හා වන්දි

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් වෙනුවෙන් 2021 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 2456ක වන්දි හා සුභසාධන පහසුකම් ලෙස මුදල් ගෙවා ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් 533 දෙනකු වෙනුවෙන් සුරක්ෂා රක්ෂණ වන්දි ලෙස රුපියල් ලක්ෂ 1019ක් ගෙවා ඇති අතර, විදේශ රැකියාවල යෙදී සිටියදී මියගිය 171 දෙනකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 800ක් ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ගෙවා ඇත. කොවිඩ් 19 රෝගය වැළඳී මියගිය ශ්‍රමිකයින් 90 දෙනකු වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදලට අමතරව අවසන් ආගමික කටයුතු සිදුකිරීම සඳහා රුපියල් මිලියන 3ක්ද ගෙවා තිබේ.

2021 වර්ෂය තුළදී විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 872 දෙනකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලෙස රුපියල් ලක්ෂ 215ක් ලබා දී ඇති අතර, තවත් දරුවන් 2633 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 647ක ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.

ලොව පුරා කොවිඩ් රෝගය පැතිර යාම සමග දිවයිනට පැමිණීමට සිදුවූ ශ්‍රමිකයින්ට නිරෝධායනය සඳහා හෝටල් පහසුකම් සැපයීම මෙන්ම රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ට එන්නත් පහසුකම් ලබාදීම කාර්යාංශයේ මැදිහත්වීම යටතේ ගෙවී ගිය වසර තුළදී සිදුකරන ලදී.

පැවති කොවිඩ් වසංගත තත්ත්වය සමග විදේශ රැකියා ක්ෂේත්‍රයටද බලපෑම් එල්ල වූ අතර, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් පරිදි කඩිනමින් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් 2021 දෙසැම්බර් අවසානය වන විට විදේශ රැකියා සඳහා පුද්ගලයින් 120,000 ක් පමණ ලියාපදිංචි වී තිබේ. ඒ අනුව කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 30,000 ක්ද, සෞදි අරාබිය සඳහා 27,000 ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 20,000 ක් පමණද ලියාපදිංචි වී තිබේ. මැද පෙරදිග කලාපයෙන් බැහැර රටවල් වන දකුණු කොරියාවේ රැකියා සඳහා 1400ක්ද, සිංගප්පූරුවේ රැකියා සඳහා 1100 ක්ද, සයිප්‍රසයේ රැකියා සඳහා 1600ක් පමණද, ජපානයේ රැකියා සදහා ශ්‍රමිකයින් 800ක්ද ලියාපදිංචි වී විදේශ ගතවී තිබේ.

2021 වර්ෂයේදී විදේශ රැකියා නියෝජිතායතන වෙත නව බලපත්‍ර 36ක් ලබාදී ඇති අතර, මෙම වර්ෂය තුළදී බලපත්‍ර අලුත් කර ඇති රැකියා නියෝජිතායතන සංඛ්‍යාව 1132 කි.

2022 වර්ෂයේදී විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සැලසුම් රැසක් ක්‍රියාවට නැංවීමට රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ජපානය, දකුණු කොරියාව, රැමේනියාව, ඊශ්‍රායලය, පෝලන්තය, සයිප්‍රස් වැනි ඉහළ වැටුප් සහිත රටවල වෘත්තිය රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම, පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතකිරීම, සුභසාධන පහසුකම් ඉහළ නැංවීම වැනි සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විදෙස් ශ්‍රමික බලකාය දීප ව්‍යාප්ත ක්‍රියාත්මක කිරීමටද උපදෙස් ලබාදී තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණ මෙරට බැංකු පද්ධතිය හරහා ගෙන්වා ගැනීමට දිරිමත් කිරිමේ වැඩසටහන් රැසක් 2022 වර්ෂය තුළදී ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තිබේ.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

15 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

15 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

15 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago