දේශීය

මගී මෙන් ම ගුවන් බහාලුම් ප්‍රවාහන සේවා ද පුළුල් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සුදානම්

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ලබන වසරේ මාර්තු මාසය වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනම බහාලුම් ප්‍රවාහන ගුවන් යානයක් හදුන්වා දිමට එම සමාගම කටයුතු යොදා ඇති බවය. මෙරට සම්පුර්ණ අපනයන වලින් 25%ක් ම සම්පුර්ණ ආනයන වලින් 27%ක් සිදුවන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගිනි. කොවිඩ් වසංගත කාලය තුළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ධාරිතාව අඩු වුුවද ලෝක වෙළද අවශ්‍යතා හා භාණ්ඩ අවශ්‍ය කරන කාලසීමාවන් වලට සරිලන පරිදි භාණ්ඩ ප්‍රවාහනයට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් විය. පසුගිය අප්‍රේල් 01 වෙනිදා සිට සැප්තැම්බර් අතර කාලය තුල භාණ්ඩ ප්‍රවාහන ගුවන් වාර 185 ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ක්‍රියාත්මක කර ඇතැයි ද ඇමතිවරයා කියයි.

මෙරට සංචරණ සීමා ලිහිල් කිරිම හා සංචාරක පැමිණිම දිරිමත් කිරිම හේතුවෙන් ගුවන් මගි ආදායමේ ක්‍රමානුකූල වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරයි. එහෙත් ඉහළ වෙළදපළ ඉපැයුම් මට්ටමක් පැවතිය ද ඉල්ලුම වර්ධනය වීම මන්දගාමි බැවින් කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට ගුවන් මගි ආදායම වර්ධනය වි නොමැත. එහෙත් ඉහළ ඉපැයුමක් සහිත ගෝලීය බහලුම් සේවා සැපයුම මගින් අඛණ්ඩ ආදායම් වර්ධනයක් ලගා කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත්ව ඇතැයි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පහුගිය කාලය තුළ නව ගමනාන්ත 08 ක් සදහා සෘජු ගුවන් ගමන් ආරම්භකර තිබේ. හොංකොං, කොරියාව, කෙන්යාව, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියා, නේපාලය හා ප්‍රංශය එම ගමනාන්ත 08යි. ඉදිරියේ දි තවත් නව ගමනාන්ත 05 කට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. වියට්නාමයේ ගොචිං මිං, ඉන්දියාවේ කල්කටා, ඉන්දියාවේ අගමදාබාද්, චීනයේ ෂෙන්ග්ඩු, ඊශ්‍රාලයේ ටෙල්අට්ටි එම ගමනාන්තයි. කෙන්යාවේ හයිරෝදි, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, දකුණු කොරියාවේ සියොල් වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ ගුවන් බහාලුම් සේවාවන්හි ඉල්ලුම ද සැලකිල්ලට ගනිමිනි.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

9 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

9 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

9 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

10 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

11 hours ago