සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ලබන වසරේ මාර්තු මාසය වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනම බහාලුම් ප්‍රවාහන ගුවන් යානයක් හදුන්වා දිමට එම සමාගම කටයුතු යොදා ඇති බවය. මෙරට සම්පුර්ණ අපනයන වලින් 25%ක් ම සම්පුර්ණ ආනයන වලින් 27%ක් සිදුවන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගිනි. කොවිඩ් වසංගත කාලය තුළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ධාරිතාව අඩු වුුවද ලෝක වෙළද අවශ්‍යතා හා භාණ්ඩ අවශ්‍ය කරන කාලසීමාවන් වලට සරිලන පරිදි භාණ්ඩ ප්‍රවාහනයට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් විය. පසුගිය අප්‍රේල් 01 වෙනිදා සිට සැප්තැම්බර් අතර කාලය තුල භාණ්ඩ ප්‍රවාහන ගුවන් වාර 185 ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ක්‍රියාත්මක කර ඇතැයි ද ඇමතිවරයා කියයි.
මෙරට සංචරණ සීමා ලිහිල් කිරිම හා සංචාරක පැමිණිම දිරිමත් කිරිම හේතුවෙන් ගුවන් මගි ආදායමේ ක්‍රමානුකූල වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරයි. එහෙත් ඉහළ වෙළදපළ ඉපැයුම් මට්ටමක් පැවතිය ද ඉල්ලුම වර්ධනය වීම මන්දගාමි බැවින් කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට ගුවන් මගි ආදායම වර්ධනය වි නොමැත. එහෙත් ඉහළ ඉපැයුමක් සහිත ගෝලීය බහලුම් සේවා සැපයුම මගින් අඛණ්ඩ ආදායම් වර්ධනයක් ලගා කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත්ව ඇතැයි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පහුගිය කාලය තුළ නව ගමනාන්ත 08 ක් සදහා සෘජු ගුවන් ගමන් ආරම්භකර තිබේ. හොංකොං, කොරියාව, කෙන්යාව, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියා, නේපාලය හා ප්‍රංශය එම ගමනාන්ත 08යි. ඉදිරියේ දි තවත් නව ගමනාන්ත 05 කට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. වියට්නාමයේ ගොචිං මිං, ඉන්දියාවේ කල්කටා, ඉන්දියාවේ අගමදාබාද්, චීනයේ ෂෙන්ග්ඩු, ඊශ්‍රාලයේ ටෙල්අට්ටි එම ගමනාන්තයි. කෙන්යාවේ හයිරෝදි, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, දකුණු කොරියාවේ සියොල් වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ ගුවන් බහාලුම් සේවාවන්හි ඉල්ලුම ද සැලකිල්ලට ගනිමිනි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…