ක්‍රීඩා

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා තේරීමේ සටනට දිමුත්ගේ නමත්

2021 වසරේදී දක්වන ලද දක්ෂතාවන් වලට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන සම්මාන ප්‍රධානෝත්සවයේදී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැන්ම සඳහා කැඳවන ලද නාම යෝජනා අතරට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත්ව සිටියි. එංගලන්ත නායක ජෝ රූට්, ඉන්දීය දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් සහ නවසීලන්ත ක්‍රීඩක කයිල් ජේමිසන් දිමුත් සමඟ එම සම්මාන සඳහා යෝජනා වී සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

2021 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දක්වන ලද දක්ෂතා මෙම සම්මාන උළෙල සඳහා යොදා ගැනෙනු ඇත. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 7 කදී ශතක 4 ක් සමඟින් ලකුණු 902 ක් රැස් කරගැනීමට සමත්ව ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.38 ක් රඳවා තබා ගනිමිනි.

බංග්ලාදේශයට එරෙහිව පල්ලකැලේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වූ කරුණාරත්න එම තරගාවලියේදී ලබාගත් ශතක දෙකත්, දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදීත්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගාල්ලේදී ලබාගත් ශතක ඒ අතර කැපී පෙනෙයි.

සෙසු ක්‍රීඩකයින්ගේ දක්ෂතා සංසන්දනය කිරීමේදී ජෝ රූට් තරග 15 කදී ශතක 6 ක් සමඟ ලකුණු 1708 ක් ලබා සිටින අතර රවිචන්ද්‍රන් අශ්වින්, තරග 8 කදී කඩුලු 52 ක් බිඳ හෙළමින් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.23 ක් රඳවා ගැනීමට සමත්ව සිටියි. ඒ අතර පිත්තෙන්ද දස්කම් දක්වා ඇති අශ්වින් ශතකයක්ද සමඟ ලකුණු 337 ක් රැස් කරගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනීමට සමත්ව සිටියි.

දකුණතින් පන්දු යවන කයිල් ජේමිසන් මෙවර තරගවාරයේ තරග 5 කදී කඩුලු 27 ක් ලබා ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලිය නවසීලන්තයට ජයග්‍රහණය කර දීම වෙනුවෙන් දැවැන්ත කාර්යය භාරයක් ඉටු කිරීමට සමත් පන්දු යවන්නකු වූවේය.

-Sri Lanka Cricket

Recent Posts

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

5 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

5 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

14 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

14 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago