ඉන්ධන මිල මෙන්ම බස්රථ අමතර කොටස්වල මිල ගණන් වර්තමානයේ ඉහළ යෑමත් සමග ඊට සාපේක්ෂව පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවය පිළිබඳ, පෞද්ගලික බස් රථ හිමියන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හමුවී දැනුවත් කරන ලදී.
ඒ අනුව ඊයේ (29) පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳව පෞද්ගලික බස් රථ හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙහිදී අවම බස් ගාස්තුව රුපියල් 3.00 කින් ජනවාරි මස 05 වන දින සිට වැඩි වන බවත්, (රුපියල් 14.00 ක අවම බස් ගාස්තුව රුපියල් 17.00 ක් දක්වා ) බස්ගාස්තු වැඩිවීම ප්‍රතිශතයක් ලෙස (17.44%) ක් වන බවත්, අකමැත්තෙන් වුවද බස් ගාස්තු වැඩි කිරීමට සිදු වී ඇති බවත් දිලුම් අමුණුගම අමාත්‍යවරයා පවසා සිටී.
එම අවස්ථාව සදහා ප්‍රවාහන අමාත්‍යංශය නියෝජනය කරමින් අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා ,ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ,
බස් හිමියන් නියෝජනය කරමින් පොදුජන පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සහභාගී විය.
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…