චීන යුවාන් වලින් ණය ගෙවන්නත්, භාණ්ඩ ආනයනයත් බෑ
චීනය විසින් ලබා දි ඇති ඩොලර් බිලියන 1.5 කට සමාන ‘අතමාරුව’ හුදු ඉලක්කම් විජ්ජාවක් මිස ණය ගෙවීමට හෝ භාණ්ඩ ආනයනයට හෝ පහසුකම් සැලසීමක් නොවන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
‘‘ඩොලර් අර්බුදය කළමනාකරණය කළ බවට සිරස්තල සැපයීමට රජය‘ වචන විසිකරමින් සිටිනවා ඒවා හිස් වචන මිස, යථාර්ථයක් නොවන බව ජනවාරි මාසයේ දී වැටහේවි‘‘ යැයි ද නිවේදනයේ දක්වේ.
චිනය විසින් ලබා දී ඇති මෙම අතමාරුව ඩොලර් වලට හුවමාරු කළ නොහැකි අතර නැවත චීන රජයේ බැඳුම්කරවල ආයෝජනය කළ යුතු බවට කොන්දේසයක් සහිත ඉලක්කම් විජ්ජාවකි (book entry).චීනය විසින් ලංකාවට යුවාන් අතමාරුවක් ලබා දීමේ කොන්දේසිය එම මුදල නැවත චීනයේ භාණ්ඩාගාර බිල්පත් හි ආයෝජනය කළ යුතුය. චීනයෙන් හැර වෙනත් කිසිදු ගණුදෙනුවක් සඳහා එම පහසුකම භාවිත කළ නොහැකිය. ශ්‍රී ලංකා රජය එම මුදල ඩොලර්වලට හරවා ගැනීමටත්, ණය ගෙවීම හා ආයෝජන සඳහා මුදල් භාවිත කිරීමට ත් ඉල්ලා ඇති නමුත්, එයට මේ දක්වාම ලැබී නැත.
2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1380 ක් ණය හා පොලිය වශයෙන් ගෙවිය යුතුය. ජනවාරි 18 ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර ලෙස ඩොලර් මිලියන 500 ක් ද, ඉතිරිය ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු ආයතන සඳහා ගෙවිය යුතු ණය හා පොළිය වේ. මේ වන විට රත්‍රං නොවන සංචිත ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 1000 කි. මේ වන විට රටේ සියලුම අත්‍යශ්‍ය නොවන ආනයන කටයුතු අත්හිටුවා ඇත.
රජය මේ වන විට ඉන්දියාවෙන් ඩොලර් මි. 400 ක අතමාරුවක් ලබා ගැනීමට උත්සහ දරයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එම මුදල් ලැබීමට නියමිතය. අද පවත්නා පැවරීම් සිදු කළ හැකි සංචිත ප්‍රමාණය අනුව ඉන්දීය මුදල් අතමාරුව හෝ චීනයේ අතමාරුව ඩොලර් වලට හැරවීම සිදු නොවන්නේ නම් ණය ගෙවීම අතපසුකළ, බංකොලොත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වේ. ශ්‍රීසියට බංකොලොත් භාවයෙන් මුදලවා ගැනීමට ජර්මනියේ මුදල් සමඟ සහන සැලසීමේ ක්‍රියාන්විතයට සමාන සාකච්ඡාවක් මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ඉන්දියාව අතර ලංකාව සම්බන්ධයෙන් සිදුවේ.
ඉන්දියාවේ ඩොලර් මිලියන 400 ණය පහසුකම් සාකච්ඡාවට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම කොන්දේසියක් ලෙස එක් කර ඇත්තේ ඒ අනුවය.
විධිමත් සංචිත වැඩිවීමක දි එම සංචිත 1. වෙනත් පාර්ශවයක් වෙත පැවරීම 2. භාණ්ඩ ආනයනය සඳහා යොදා ගැනීම සිදු කළ හැකි විය යුතුය. චීන අතමාරුව මගින් ණය ගෙවීමට ද, ආනයන සිදු කිරීමට ද අවස්ථාවක් නැත. චීනය තම මුදල් භාවිත කර 1. ණය ගෙවීම වැලැක්වීම 2. චීන නොවන භාණ්ඩ ආනයනය (උදා- තෙල්, ගෑස්, ගල්අගුරු, පොහොර, බෙහෙත්) ගෙන්වීම දැනට අවහිර කර ඇත. එබැවින් 2022 ජනවාරි ණය අර්බුදයට මේ ඉලක්කම් විජ්ජාවෙන් ප්‍රතිකර්මයක් ලැබෙන්නේ නැත.
අජිත් නිවාඩ් කබ්රාල් ගේ නිවේදනය ගණන් තැබීම (book entry) මගින් සිදු කළ ඉලක්කම් හරඹයක් මිස රටට ඩොලර්
ගලා ඒමක් නොවේ.
රජය ජනවාරි 18 දක්වා පාර්ලිමේන්තු වාර අවසන් කළේ, රු. මිලියන 500 ක ණය මුදල ජනවාරි 17 දිනට ගෙවා දමා පසු දින පාර්ලිමේන්තුවේ දී ඒ ගැන පම්පෝරියක් ගැසීමට ය. නමුත්, ජනවාරි මාසයේ ගෙවිය යුතු ඩොලර් මිලියන 1380 ක සම්පූර්ණ මුදල සඳහා ප්‍රමාණවත් සංචිත මේ වන විට රටේ නැත.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…