දේශීය

කාති උසාවිය අහෝසි කරන්න- විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකු ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් මහතා පැවසීය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම කළේ ය.

තමා ස්වෙච්ඡාවෙන් අදහස් ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ වසර 40ක තම සේවා කාලය තුළ ලද කණගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බව වැඩිදුරටත් පැවසීය. විවිධ ස්වෙච්ඡා සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස් කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ කළහ.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බවද මොහොමඩ් සුබයිර් මහතා කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය. බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයෙකු නොවන කාති වරයෙකි. නීතියට අදාළ වන ලිය කියවිලි හා එසේ නොවන ලේඛන නිවැරදිව හඳුනාගැනීමට කාති වරයෙකුට නොහැකි වන අවස්ථා ඇත. එසේ හෙයින් නිසි අවබෝධයකින් හා අපක්ෂපාතීව නිවැරැදි තීන්දුව ලබා දිය නොහැකි අවස්ථා මෙන්ම එම උසාවිය මගින් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොවන අවස්ථාද බහුලව වාර්තා වී ඇත. මෙම උසාවි ක්‍රමය අහෝසි කිරීම මගින් නඩත්තු නඩු වලදී අදාළ ගැහැනු දරුවාට මෙන්ම, දෙමාපියන්ටද සාධාරණයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මොහොමඩ් මහතා සඳහන් කළේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද නිතිය මගින් බලවත් සමාජ හා නීතිමය අසාධාරණකම් සිදු වන බව බව පැවසූ මොහොමඩ් සුබයිර් මහතා, දැනට කාති ක්‍රමය යටතේ ගැනෙන නඩත්තු නඩු මහෙස්ත්‍රාත් උසාවිය මගින් ද, දික්කසාද නඩු දිස්ත්‍රික් උසාවිය මගින් ද සාධාරණ හා අපක්ෂපාතී ලෙස විසඳාගත හැකි බව පවසුවේය. බහු විවාහය සඳහා ඇති අයිතිය ද අහෝසි කළ යුතු බව පවසන සුබයිර් මහතා, ඒ සඳහා වන කරුණු කුරාණයේ ඇති වගන්ති ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය. ආගම කොටස් වලට බෙදා නොගන්නා ලෙස කුරාණයේ සඳහන් කර ඇති බව පවසන සුබයිර් මහතා එවැනි අවස්ථාවලට ඉඩ ලබාදීම මගින් විවිධ අන්තවාදී සංවිධාන බිහිවීමට ඉඩ ඇති බවද අවධාරණය කළේය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

11 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago