මිනිස් ජාවාරම මැඬලීම සඳහා විමර්ශන බලධාරීන් සහ බුද්ධි අංශ සමඟ සෘජු සම්බන්ධීකරණයෙන් වඩාත් ශක්‍තිමත් ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ සභාපතිත්වය මේ වසරේ ජුලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව අධිකරණ අමාත්‍යාංශයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත භාර දී ඇත.
මේ වසරේ අගෝස්තු මාසයේදී පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛන උපදෙස් හරහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ මිනිස් වෙළඳාම්, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කර මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශනය කර වැරදිකරුවන්ට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ කිරීමේ බලතල ඊට පැවරීමට කටයුතු කර තිබුණි.
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ජාතික බුද්ධි ප්‍රධානීගේ සභාපතිත්වයෙන් යුක්තව පත් කරන ලද කාර්ය සාධක බලකාය නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, කම්කරු, විදේශ රැකියා, ප්‍රවර්ධන සහ වෙළඳපල විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව, අපරාධවලට ගොදුරු වූවන් සහ සාක්ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය සහ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විතය.
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ඉන්දුනීසියානු කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය පසුගිය නොවැම්බර් මාසයේදී කටයුතු කර ඇත. ඉහත කී කාන්තාවන් මිනිස් ජාවාරමට ගොදුරු වීමේ හැකියාව පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව අදාළ විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අලුතින් ස්ථාපිත කර ඇති මිනිස් ජාවාරම් අංශය වෙත පවරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමට කාර්ය සාධක බලකාය කටයුතු කර තිබුණි. එම කොට්ඨාශය කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇති අතර, මාසයකට අඩු කාලයකින් එනම්, 2021 දෙසැම්බර් 23 වන දින එහි ප්‍රධාන වැරදිකරු වන ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට එරෙහිව ඉක්මනින්ම අධිකරණයේ නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේම, මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ දැනුවත් වීමෙන් පැය කිහිපයක් ඇතුළත, මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස 2021 දෙසැම්බර් 16 වැනි දින කාර්ය සාධක බලකාය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලද අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය මෙම කාරණය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන කටයුතු මේ වනවිටත් අඩක් අවසන් කර ඇත.
අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූලව, විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම, මර්ධනය කිරීම සහ දඬුවම් කිරීම සඳහා වූ නියමයන්ට සමගාමීව, දේශීය ව්‍යවස්ථාදායක ප්‍රතිපාදන වඩාත් ගැලපෙන පරිදි ගෙන ඒමට කටයුතු කරමින් 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධනය කිරීමටත්, 1948 අංක 20 දරණ ආගමන විගමන පනත තවදුරටත් සංශෝධනය කිරීමටත් අවශ්‍ය කටයුතු කරමින් පවතී.
ඉදිරි වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් උවදුරට එරෙහිව සටන් කිරීම සඳහා තවත් ක්‍රියාකාරි පියවර රැසක් ආරම්භ කිරීමට කාර්ය සාධක බලකාය අදහස් කරන අතර, ඉහත දක්වා ඇති පරිදි සිදුවිය හැකි මිනිස් ජාවාරම් සිදුවීම් පිළිබඳව කඩිනමින් දැනුවත් කිරීම සඳහා සාමාන්‍ය මහජනතාවගේ සහ අදාළ සියලුම ආයතනවල සහයෝගය අපේක්‍ෂා කරන බවද ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරයි.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පතෙන්
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…