උත්සව සමයේ වෙළඳපොලට පැමිණෙන ජනතාව මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳව නිවැරදිව පරික්ෂා කර මිලදී ගන්නා ලෙසත්, කූඨ ව්‍යාපාරිකයන් හා කූඨ ව්‍යාපාරවල පරිභෝජනයට නොගැළපෙන භාණ්ඩ විකිණීම උත්සහ කරන හෙයින් ඒවාට නොරැවටී ප්‍රවේසමෙන් මිලදී ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ජනතාවට දන්වා සිටී.
උත්සව සමයේ කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉකුත් දා ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම උත්සව සමයේදී ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට යෑමේදී රන් භාණ්ඩ පැළඳ යන්නේ නොපැමිණීම වඩාත් සුදුසු බවත්, මෝටර් රථයකින් හෝ යතුරුපැදියකින් පැමිණෙන්නේ නම් එය සුදුසු ස්ථානයක තැබීමට කටයුතු කර මාර්ගයට බාධා නොවන අයුරින් ආරක්ෂිත අගුලු දමා යෑමට කටයුතු කරන ලෙසත්, නිහාල් තල්දූව මහතා පවසයි.
ජනතාවගේ ආරක්ෂාන තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි ආවේක්ෂණ නිලධාරීන් යොදවා ඇති බවත්, එමෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මාර්ග බාධක ඇතුලු පොලිස් නිලධාරීන් යොදා ඇති බවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපොලට පැමිණ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු බවත්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැමිණෙන විවිධ ආකාර්ශනීය යෝජනා ඇතුළත් ඊ මේල් සහ වට්ස්ඇප් පණිවිඩ වැනි ඒව සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු බවත්, කිසිඳු අයුරකින් නොදන්නා ගිණුමකට මුදල් තැන්පත් නොකළ යුතු බවත්, නොහඳුනන ව්‍යාපාරික ස්ථානයකට, නොදන්නා පුද්ගලයකුට හෝ නොදන්නා ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…