දේශීය

ප්‍රවේශම්වන්න! ආර්ථිකය පිරිහීමත් එක්ක, ඊළඟට පිරිහෙන දේ පොලිසිය නොකියා කියයි.

උත්සව සමයේ වෙළඳපොලට පැමිණෙන ජනතාව මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳව නිවැරදිව පරික්ෂා කර මිලදී ගන්නා ලෙසත්, කූඨ ව්‍යාපාරිකයන් හා කූඨ ව්‍යාපාරවල පරිභෝජනයට නොගැළපෙන භාණ්ඩ විකිණීම උත්සහ කරන හෙයින් ඒවාට නොරැවටී ප්‍රවේසමෙන් මිලදී ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ජනතාවට දන්වා සිටී.

උත්සව සමයේ කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉකුත් දා ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම උත්සව සමයේදී ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට යෑමේදී රන් භාණ්ඩ පැළඳ යන්නේ නොපැමිණීම වඩාත් සුදුසු බවත්, මෝටර් රථයකින් හෝ යතුරුපැදියකින් පැමිණෙන්නේ නම් එය සුදුසු ස්ථානයක තැබීමට කටයුතු කර මාර්ගයට බාධා නොවන අයුරින් ආරක්ෂිත අගුලු දමා යෑමට කටයුතු කරන ලෙසත්, නිහාල් තල්දූව මහතා පවසයි.

ජනතාවගේ ආරක්ෂාන තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි ආවේක්ෂණ නිලධාරීන් යොදවා ඇති බවත්, එමෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මාර්ග බාධක ඇතුලු පොලිස් නිලධාරීන් යොදා ඇති බවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපොලට පැමිණ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු බවත්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැමිණෙන විවිධ ආකාර්ශනීය යෝජනා ඇතුළත් ඊ මේල් සහ වට්ස්ඇප් පණිවිඩ වැනි ඒව සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු බවත්, කිසිඳු අයුරකින් නොදන්නා ගිණුමකට මුදල් තැන්පත් නොකළ යුතු බවත්, නොහඳුනන ව්‍යාපාරික ස්ථානයකට, නොදන්නා පුද්ගලයකුට හෝ නොදන්නා ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසයි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

23 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

23 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago