දේශීය

කඩදාසි භාවිතය අවම පාර්ලිමේන්තුවක්

පාර්ලිමේන්තුවේ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කඩදාසි භාවිතා නොකරන පාර්ලිමේන්තුවක් (Paperless Parliament) යන තේමාව යටතේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අදහසක් පරිදි මෙම වැඩ පිළිවෙළ පිළිබඳ මුළික සාකච්ඡාවක් පසුගිය (22) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැතිනි. ඊට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ නිලධාරින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් රාඝවන් මහතා Zoom යෙදවුම මගින් සාකච්ඡාවට එක්විය.

මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව පැවැත්වෙන හැම දිනයකම විවිධ පොත්පත්, පත්‍රිකා ආදියෙන් සමන්විත මන්ත්‍රීවරුන් නොපෙනෙන තරමට කඩදාසි ගොඩක් මේසය මත ගොඩ ගැසෙන බවත්, එම තත්ත්වය නිසා විශාල පාරිසරික හානියක් මෙන්ම සම්පත් නාස්තියක් ද දිනපතා සිදුවන බවත් පෙන්වා දුන්නේය.

කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් Paperless Parliament සඳහා කටයුතු කිරීමට පරිසර අමාත්‍යාංශය වැඩ පිළිවෙළක් යෝජනා කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා පාර්ලිමේන්තුව පැවැත්වෙන එක් දිනක් තුළ කිලෝග්‍රෑම් 1200ක කඩදාසි පාර්ලිමේන්තුව තුළ පරිහරණය කරන බවත්, එවැනි කඩදාසි තොගයක් නිපදවීම සඳහා අඩි 40 ගස් 37ක් කැපීමට සිදුවන බවත් අවධාරණය කළේය. එමනිසා මෙම වැඩ පිළීවෙළ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවද හෙතෙම පැවසීය.

එමෙන්ම හැන්සාඩ් මුද්‍රණය කිරීම සඳහා දෛනිකව රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වන බවත් මෙහිදී අවධාරණය විය.

මේ අනුව කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් සඳහා වන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් කතානායකතුමන්ට යෝජනාවක් ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම වැඩ පිළිවෙළ සඳහා ගරු කතානායකතුමන් මෙන්ම සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත යුතු බව ද අවධාරණය විය.
මෙම කටයුතු 2022 වසරේ ජනවාරි මාසයේ සිටම ආරම්භ කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

news.lk

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago