දේශීය

කඩදාසි භාවිතය අවම පාර්ලිමේන්තුවක්

පාර්ලිමේන්තුවේ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කඩදාසි භාවිතා නොකරන පාර්ලිමේන්තුවක් (Paperless Parliament) යන තේමාව යටතේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අදහසක් පරිදි මෙම වැඩ පිළිවෙළ පිළිබඳ මුළික සාකච්ඡාවක් පසුගිය (22) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැතිනි. ඊට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ නිලධාරින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් රාඝවන් මහතා Zoom යෙදවුම මගින් සාකච්ඡාවට එක්විය.

මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව පැවැත්වෙන හැම දිනයකම විවිධ පොත්පත්, පත්‍රිකා ආදියෙන් සමන්විත මන්ත්‍රීවරුන් නොපෙනෙන තරමට කඩදාසි ගොඩක් මේසය මත ගොඩ ගැසෙන බවත්, එම තත්ත්වය නිසා විශාල පාරිසරික හානියක් මෙන්ම සම්පත් නාස්තියක් ද දිනපතා සිදුවන බවත් පෙන්වා දුන්නේය.

කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් Paperless Parliament සඳහා කටයුතු කිරීමට පරිසර අමාත්‍යාංශය වැඩ පිළිවෙළක් යෝජනා කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා පාර්ලිමේන්තුව පැවැත්වෙන එක් දිනක් තුළ කිලෝග්‍රෑම් 1200ක කඩදාසි පාර්ලිමේන්තුව තුළ පරිහරණය කරන බවත්, එවැනි කඩදාසි තොගයක් නිපදවීම සඳහා අඩි 40 ගස් 37ක් කැපීමට සිදුවන බවත් අවධාරණය කළේය. එමනිසා මෙම වැඩ පිළීවෙළ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවද හෙතෙම පැවසීය.

එමෙන්ම හැන්සාඩ් මුද්‍රණය කිරීම සඳහා දෛනිකව රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වන බවත් මෙහිදී අවධාරණය විය.

මේ අනුව කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් සඳහා වන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් කතානායකතුමන්ට යෝජනාවක් ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම වැඩ පිළිවෙළ සඳහා ගරු කතානායකතුමන් මෙන්ම සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත යුතු බව ද අවධාරණය විය.
මෙම කටයුතු 2022 වසරේ ජනවාරි මාසයේ සිටම ආරම්භ කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

news.lk

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

19 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago