ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික වශයෙන් විශාල පිරිසක් එක් වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.
මහජන අදහස් විමසීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති නිල කාර්යාලය වෙත අදහස් ප්‍රකාශ කිරීමට දෙසැම්බර් 20 සිට 23 දක්වා අවස්ථාව ලබා දී තිබිණ.
මෙම දින කිහිපය තුළ විවිධ පළාත් සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් ආගමික නායකයෝ, සිවිල් ක්‍රියාකාරීහු, මාධ්‍යවේදීහු, ව්‍යාපාරිකයෝ, වෘත්තීයවේදීහු, දේශපාලන පක්ෂ නියෝජිතයෝ, මුස්ලිම් සහ බෞද්ධ ආගමික සංවිධාන, කාන්තා සංවිධාන නියෝජනය කරන පිරිස් නිල කාර්යාලය වෙත පැමිණි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
ජාති, ආගම්, පළාත් භේදයකින් තොරව නව කාර්යාලයට පැමිණෙන ජනතාව “එක රටක් එක නීතියක්” සඳහා වන නව සංකල්පයට විශේෂ උනන්දුවකින් පෙනී සිටියහ. උතුර – නැගෙනහිර ජනතාව ඇතුළු බහුතරයක් මෙම සංකල්පය යථාර්ථයක් වනු දැකීම රටේ සංවර්ධනයට ප්‍රබල උත්තේජනයක් බව ඥානසාර හිමියෝ පවසති.
තවදුරටත් පෞද්ගලිකව සහ සංවිධානාත්මකව තම අදහස් ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන සියලු දෙනා වෙනුවෙන් කාර්යාලය විවෘතව පවතින බවත් එම සියලු අදහස් රැස් කරගැනීම තමා ඇතුළු කණ්ඩායම ඕනෑම අවස්ථාවක සිදු කරන බව ද උන්වහන්සේ පැවසූහ.
“එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර, නව පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය තමා ඇතුළු කණ්ඩායම වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව ද පැහැදිලි කළහ.
“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු එම බලකායේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…