එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ඇති වූ පරිසර හානිය සම්බන්ධව ඉදිරි දින කිහිපය ඇතුළත වන්දි මුදල් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක තවත් මුදල් ප්‍රමාණයක් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ නියෝජිතයා එකඟ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළාය.
එම මුදල ගෙවනු ලබන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු අපවිත්‍ර වූ මෙරට මුහුදු සීමාව පිරිසුදු කිරීම සඳහා පසුගිය ජූනි මස 3 වැනිදා සිට අගෝස්තු මස 31 දක්වා කාලය ඇතුළත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය වැය කළ මුදල පියවා ගැනීමට බව ඇය වැඩි දුරටත් කීවාය.
එම කාල සීමාව තුළ ලැබිය යුතු සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් 3.9ක් වූවද, අදාළ නෞකාවේ රක්ෂණ නියෝජිත අනුමැතිය දී ඇත්තේ ඩොලර් මිලියන 2.5ක මුදල් ප්‍රමාණයකට පමණක් බවත් ඇය සඳහන් කළාය. ඉතිරි මුදල් ප්‍රමාණය ලබා ගැනීම සඳහා තවත් තහවුරු කිරීමේ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව ද ඇය කීවාය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීමට සහ ඉන් සිදු වූ සමුද්‍ර හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක මුදලක් මීට පෙර ලැබී ඇති අතර, නෞකාවේ ගින්න හේතුවෙන් සෘජුව සහ වක්‍රාකාරව ධීවරයන්ට සිදු වූ අලාභය පියවීමට ධීවර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබූ වන්දි ඉල්ලීමට අදාළ රක්ෂණ සමාගම යහපත් ප්‍රතිචාර දක්වා ඇති බැවින් එම වන්දි මුදල යථා කාලයේදී ලබා ගැනීමට හැකිවනු ඇතැයි ලහඳපුර මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…