Saturday, June 13, 2026
Homeදේශීයඅවෛරය ගැන අගමැති සිහිපත් කරයි

අවෛරය ගැන අගමැති සිහිපත් කරයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මතදී පවා තමන් මරණයට පත්කරන මිනිස්සුන්ට වෛර නොකරමින් අපූරු පාඩමක් ලෝකයට කියා දුන්නා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානය මුල්කර ගනිමින් කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවති 2021 රාජ්‍ය නත්තල් උත්සවය සඳහා අරලියගහ මන්දිරයේ සිට සූම් යෙදුම ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද (20) පෙරවරුවේ මේ බව පෙන්වා දුන්නේය. 

 අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය රාජ්‍ය නත්තල් උත්සවයට සමඟාමීව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රත්නපුර පදවියේ කෑගල්ල දිසාව වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන බහු මාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍රය හා තිරය සබරගමු පළාත් කණිටු දෙව්සත්හලේ අදියරු, කෑගල්ල දිසා නායක රංජන්මාල් මොරායස් පූජාප්‍රසාදීන් වහන්සේටත්, රත්නපුර පදවියේ සිංහල, දෙමළ පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල 20 ක් හා දහම් ගුරුවරු සඳහා ධර්මෝපදේශ ග්‍රන්ථ 100 ක් රත්නපුර පදවි ධර්මෝපදේශ අධ්‍යක්ෂ ජූඩ් අමිල පූජාප්‍රසාදීන් වහන්සේටත් රාජ්‍ය නත්තල් උත්සවයේ දී ප්‍රදානය කළාය. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන බයිබල් දැනුම මිනුම තරගාවලියේ ජාතික මට්ටමේ සහ 2021 නත්තල් තැපැල් මුද්දර චිත්‍ර තරගාවලියේ ජයග්‍රහණ හිමිකරගත් සිසු සිසුවියන්ට කෑගල්ල දිසානායක රංජන්මාල් මොරායස් පූජාප්‍රසාදීන් වහන්සේ ඇතුළු පැමිණ සිටි ආරාධිතයන් අතින් ත්‍යාග ප්‍රදානය කෙරිණි

වාර්තාව – දිනමිණ.

READ:   පොසොන් වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්