දේශීය

පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් අස්ගිරි මහ නාහිමි බැහැදකියි

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට සහන සැලසීම සඳහා එම රජය ගන්නා ක්‍රියාමාර්ග සහ එම ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා විසින් අස්ගිරි මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනුවත් කරනු ලැබීය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ උපදෙස් මත වැඩබලන මහ කොමසාරිස්වරයා අස්ගිරි මහ නාහිමියන් බැහැදැකීමට පැමිණ සිටියේය.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළව පරීක්ෂණ සිදු වන ආකාරය අගය කරමින් අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් පාකිස්තාන අගමැතිවරයාට පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.

මහ නාහිමියන් බැහැදැක අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ තන්වීර් අහමඩ් මහතා සියල්කොට්හි සිදු වූ අවාසනාවන්ත සිදු වීම සමස්ත පාකිස්තානු ජනතාව පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙයට සම්බන්ධ වූවන්ට නීතිය මඟින් උපරිම දඬුවම් දීමට පාකිස්තාන අගමැතිවරයා ප්‍රමුඛ රජය මේ වන විටත් කටයුතු කර තිබෙන බවත් ප්‍රකාශ කළේය.

“එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කළා. මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ මහ නාහිමියන් දැනුම්වත් කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නා. සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරද්දී අනෙක්පසින් ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කළා. පාකිස්තානය මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග උන්වහන්සේ යළිත් අගය කළා.”

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර 1948 සිට විශාල මිත්‍රත්වයක් පවතින බවත් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් එම බැඳීම තවත් වර්ධනය වූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙය එක්තරා අන්දමක හුදෙකලා සිදු වීමක් බවත් දෙරට අතර පවතින සහෝදරත්වයේ බැඳීම පළුදු වීමට මෙය හේතුවක් නොවන බවත් වැඩබලන මහ කොමසාරිස්වරයා පැවසුවේය.

පාකිස්තානයේ ප්‍රධාන නගරවල කාන්තාවන් පවා පෙරට පැමිණ මෙයට විරෝධය දැක්වූ බවත් මේ සිදු වීම සම්බන්ධයෙන් පාකිස්තානයම කම්පාවට පත්ව සිටින බවත් තන්වීර් අහ්මඩ් මහතා කීය.

පාකිස්තානය ඉතා ආරක්ෂිත රටක් බවත් එරටට පැමිණීමට කිසිවකුත් බිය නොවිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

4 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

4 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago