දේශීය

පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් අස්ගිරි මහ නාහිමි බැහැදකියි

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට සහන සැලසීම සඳහා එම රජය ගන්නා ක්‍රියාමාර්ග සහ එම ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා විසින් අස්ගිරි මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනුවත් කරනු ලැබීය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ උපදෙස් මත වැඩබලන මහ කොමසාරිස්වරයා අස්ගිරි මහ නාහිමියන් බැහැදැකීමට පැමිණ සිටියේය.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළව පරීක්ෂණ සිදු වන ආකාරය අගය කරමින් අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් පාකිස්තාන අගමැතිවරයාට පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.

මහ නාහිමියන් බැහැදැක අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ තන්වීර් අහමඩ් මහතා සියල්කොට්හි සිදු වූ අවාසනාවන්ත සිදු වීම සමස්ත පාකිස්තානු ජනතාව පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙයට සම්බන්ධ වූවන්ට නීතිය මඟින් උපරිම දඬුවම් දීමට පාකිස්තාන අගමැතිවරයා ප්‍රමුඛ රජය මේ වන විටත් කටයුතු කර තිබෙන බවත් ප්‍රකාශ කළේය.

“එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කළා. මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ මහ නාහිමියන් දැනුම්වත් කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නා. සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරද්දී අනෙක්පසින් ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කළා. පාකිස්තානය මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග උන්වහන්සේ යළිත් අගය කළා.”

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර 1948 සිට විශාල මිත්‍රත්වයක් පවතින බවත් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් එම බැඳීම තවත් වර්ධනය වූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙය එක්තරා අන්දමක හුදෙකලා සිදු වීමක් බවත් දෙරට අතර පවතින සහෝදරත්වයේ බැඳීම පළුදු වීමට මෙය හේතුවක් නොවන බවත් වැඩබලන මහ කොමසාරිස්වරයා පැවසුවේය.

පාකිස්තානයේ ප්‍රධාන නගරවල කාන්තාවන් පවා පෙරට පැමිණ මෙයට විරෝධය දැක්වූ බවත් මේ සිදු වීම සම්බන්ධයෙන් පාකිස්තානයම කම්පාවට පත්ව සිටින බවත් තන්වීර් අහ්මඩ් මහතා කීය.

පාකිස්තානය ඉතා ආරක්ෂිත රටක් බවත් එරටට පැමිණීමට කිසිවකුත් බිය නොවිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

ඇසළ පුන් පොහෝ දිනය අදයි..

“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ‍ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…

2 hours ago

මට තවමත් හමුදාවට අණ දිය හැකියි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාහමුදා සාමාජිකයන්ගේ සේවා කාලයත් දීර්ඝ කළ යුතු බවට යෝජනාවක්

විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…

10 hours ago

කොළඹ ඩොක්යාර්ඩ්ට යුරෝපයෙන් දැවැන්ත ඇණවුමක් – බ්‍රිතාන්‍යය සඳහා අති නවීන කේබල් නෞකාවක් ශ්‍රී ලංකාවේදී ඉදිවෙයි

කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…

11 hours ago

ධුරකාලය අවසන් කර ලංකාවට සමු දෙන චීන තානාපති විපක්ෂ නායක හමුවෙලා යන්න එයි

සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…

1 day ago

විජේවීරගේ අවසන් පැය 24 -අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් ”කළු අක්කා”

රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…

1 day ago

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

2 days ago