ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා නොවැම්බර් මස 30 වන දින මෙම කමිටුව පත් කරනු ලැබීය.
ඒ අනුව කමිටුව සති දෙකක කාලයක් ඇතුළත ලිට්රෝ හා ලාෆ් යන ප්‍රධාන ගෑස් සමාගම් දෙකෙහි ස්ථානගත පරීක්ෂාව සහ කරුණු විමසීම් ඇතුළුව ආයතන 11කින් කරන ලද විමර්ශන, ගිනිගැනීම් හා පුපුරායාම් සිදු වූ ස්ථාන 17ක්, විද්‍යුත් තැපෑල මගින් ලද අදහස් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (විශ්‍රාමික) සහාය මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු කටයුතු කළහ.
මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සාලිය ජයසේකර මහතාගේ සහාය ද ඊට ලබාගැනිණ.
ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී සිදුවීම් හඳුනා ගැනීම සහ අනතුරු සඳහා වූ මූලික හේතු යන ප්‍රධාන කාරණා දෙක ඔස්සේ පූර්ණ වාර්තාවක් සකස් කළ බව එහි සභාපති ශාන්ත වල්පලගේ මහතා පවසයි.
පවතින තත්ත්වයෙන් මිදීමට කෙටිකාලීනව සහ දිගුකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා යන මහත්වරු සහ කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…