BBC
ගංජා වගා කිරීම සහ පුද්ගලික භාවිතය නීතිගත කළ පළමු යුරෝපා සංගම් රට බවට මෝල්ටාව පත්ව තිබේ.
මේ අනුව වැඩිහිටි පුද්ගලයන්ට ගංජා ග්‍රෑම් හතක් දක්වා ළඟ තබා තබා ගැනීමට අවසර ලැබෙන අතර නිවසේ උපරිම වශයෙන් පැල හතරක් වැවීමට ඉඩ ලැබේ.
නමුත් ප්‍රසිද්ධ ස්ථානවල සහ දරුවන් ඉදිරියේ ගංජා දුම් පානය කිරීම නීති විරෝධී වනු ඇත.
ජර්මනිය, ලක්සම්බර්ග් සහ ස්විට්සර්ලන්තය වැනි තවත් රටවල් කිහිපයක් ද මේ හා සමාන සැලසුමකට සූදානමින් සිටින බව ද වාර්තා වෙයි. නෙදර්ලන්තය වැනි රටවල් යම් යම් තත්ත්වයන් යටතේ කංසා භාවිතයට දැනටමත් ඉඩ ලබා දී තිබේ.
මෝල්ටා පාර්ලිමේන්තුව අඟහරුවාදා පස්වරුවේ මෙම ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර පනතට පක්ෂව ඡන්ද තිස් හයක් සහ විපක්ෂව ඡන්ද විසි හතක් ලැබී තිබුණි.
සමානාත්මතාවය පිළිබඳ අමාත්‍ය ඕවන් බොනිසි පැවසුවේ මෙම “ඓතිහාසික පියවර ස්වල්ප වශයෙන් කංසා භාවිතා කරන්නන් අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය ඉදිරියට පැමිණවීම වළක්වන අතර, කංසා පරිභෝජකයන්ට ඔවුන්ට ආරක්ෂිත සහ විධිමත් ආකාරයෙන් කංසා ලබා ගැනීමට ඉඩ සලස්වන බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම ද ඒ හරහා අඩු වේ.”
කෙසේ වෙතත්, මෝල්ටාවේ ජාතිකවාදී පක්ෂයක් වන විපක්ෂය මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
නව නීතියට මුලදී සහය දුන් එහි නායක බර්නාඩ් ග්‍රෙච් පසුගිය ඔක්තෝබර් මාසයේදී ‘එය සංවිධානාත්මක අපරාධවලින් වාසි ලබා ගනිමින් නීතිවිරෝධී වෙළඳපොල ශක්තිමත් කිරීමට පමණක් හේතු වනු ඇත’ යි අනතුරු අඟවා තිබුණි.
විරුද්ධවාදීන් මෝල්ටාවේ ජනාධිපති ජෝර්ජ් වෙල්ලාගෙන් ඉල්ලා ඇත්තේ, එය නීතියක් බවට පත් කිරීමේ අවසන් අවස්ථාව වන, එයට අත්සන් කිරීම නොකරන ලෙසට යි.
මෙම නව ප්‍රතිසංස්කරණ යටතේත්, ග්‍රෑම් හතකට වඩා – ග්‍රෑම් 28ට අඩු ප්‍රමාණයක් රැගෙන යන ඕනෑම කෙනෙකුට යුරෝ 100 ක් (රුපියල් 22400 ක්) දක්වා දඩ නියම කිරීමේ හැකියාව තිබේ.
ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමේ දඬුවම යුරෝ 235ක් වන අතර වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු ඉදිරියේ කංසා පානය කරන්නන්ගෙන් යුරෝ 500ක් දක්වා දඩ මුදලක් අය කිරීමේ හැකියාව තිබේ.
කංසා මත්ද්‍රව්‍යය බෙදා හැරීම සඳහා මෙන් ම වගා කිරීම සඳහා බීජ බෙදා හැරීම සඳහා සංගම් පිහිටුවන අතර, එමගින් යමෙකු කොපමණ කංසා ප්‍රමාණයක් මිලදී ගන්නේද යන්න නියාමනය කෙරෙනු ඇත. එමෙන් ම එක් පුද්ගලයෙකුට සාමාජිකයෙකු විය හැක්කේ එම එක් සංගමයක පමණි.
කංසා සන්තකයේ තිබී හසුවන බාල වයස්කරුවන් සඳහා ද ක්‍රියාමාර්ග ගැනෙනු ඇත. අත් අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ චෝදනාවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය හැකි අතර, ඔවුන්ට පරිවාස සැලැස්මක් හෝ ප්‍රතිකාර නිර්දේශ කිරීමට ද ඉඩ තිබේ.
ලොව පුරා කංසා පිළිබඳව ඇති නීති
පසුගිය වසරේ එක්සත් ජාතීන් ගේ සංවිධානය කංසාවල චිකිත්සක භාවිතයට ගත හැකි ද්‍රව්‍යයක් ලෙස යළි වර්ගීකරණය කිරීමෙන් පසු, යුරෝපා සංගමයේ කුඩාම සාමාජික රාජ්‍යය වන මෝල්ටාව විසින් ගත් මෙම පියවර, රටවල් ගණනාවක් කංසා නීති වෙනස් කිරීමේ පළමු අවස්ථාව විය හැක.
ලක්සම්බර්ග්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ආදී රටවල රජයන් ද, කංසා සඳහා නීත්‍යානුකූලව නියාමනය කරන වෙළඳපොළක් පිහිටුවීමේ සැලසුම් නිවේදනය කර තිබේ.
‘කංසා අවන්හල්’ සඳහා ප්‍රසිද්ධ නෙදර්ලන්තයේත් කංසා තවමත් නීති විරෝධී වන නමුත් කෝපි කඩවල කංසා මත්ද්‍රව්‍යය විකිණීම සඳහා යම් ඉහිල් බවක් තිබේ.
ඉතාලිය ලබන වසරේදී මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වනු ඇති අතර දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, ජැමෙයිකාව, පෘතුගාලය සහ එක්සත් ජනපද ප්‍රාන්ත ගණනාවකම දැනටමත් මේ හා සමාන නීති ක්‍රියාත්මක වේ.
පුද්ගලික භාවිතය සඳහා කංසා නීතිගත කළ ලොව ප්‍රථම රට බවට, 2013 දී උරුගුවේ පත් වූ අතර, කැනඩාව දෙවැනි රට බවට පත් වූයේ 2018 දී ය.
Courtesy : BBC News
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…