දේශීය

අත්අඩංගුවට ගෙන දින 500කටත් අධික කාලයකට පසු ඇප හිමි වූ කවියාගේ කතාව

අවුරුදු 26ක් වයසැති අහ්නාෆ් ජසීම් මුස්ලිම් කවියෙක් හා ගත් කතුවරයෙක් විය. ඔහු දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමහල් දරුවාය. මේ දරුවෝ සියල්ලෝ තවමත් අධ්‍යාපනය ලබන්නෝ වෙති. පවුලේ ජීවනෝපාය සලසන එකම පුද්ගලයා වූයේ ගොවියකු හා කම්කරුවකු වන ඔහුගේ පියාය.

මන්නාරම් දිස්ත්‍රික්කයේ ඈත ගම්මානයක් වන සිලාවතුර ග්‍රාමයේ ඔවුන්ගේ නිජබිමයි. එසේම ඔහු පුත්තලමේ ස්කූල් ඔෆ් එක්සලන්ස් පාසලේ දෙමළ භාෂාව හා සාහිත්‍යය උගැන්වීමට හා එම විෂය සඳහා බාහිර පන්ති පැවැත්වීමට පටන් ගත්තේය. 2020 වර්ෂයේ මැයි මස 20 වැනි දින පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අහ්නාෆ්ව අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඔහු විසින් ලියා පළ කළ ‘නවරසම්’ හෙවත් රස නවය පද්‍ය සංග්‍රහය මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදි ක්‍රියා සඳහා යොමු කරන බවට වූ චෝදනා අනුවයි.

“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු.

විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද, සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද,

අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර නැතිව දුර්වල වුව ද, රෝගයන්ගෙන් පහර කෑව ද,

අපි අවිහිංසාවේ මාවත අනුගමනය කරමු”

මේ අහ්නාෆ් ජසීම්ගේ නවරසම් ග්‍රන්ථයේ, ‘තන්නීර් (ජලය)’ කාව්‍යයේ කොටසකි. එම ග්‍රන්ථයේම තවත් කවියක අහ්නාෆ් සඳහන් කර ඇත්තේ අයි.එස්.අයි.එස් (ISIS) සංවිධානය විසින් පතුරුවා ඇති වෛරය හා ගින්න හේතුවෙන් මුළු ලෝකයේම මුස්ලිම්වරු දුක් විඳින බවත්, යුද්ධයෙන් තොර නව ලෝකයක් ඇති විටෙක පමණක් ඔහු විසින් ඊද් උත්සවය (රාමසාන් උපවාසයේ අවසානය) සමරන බවත්ය.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට පසු දින එනම් 2019 වර්ෂයේ අප්‍රේල් 22 වැනි දින, ඝාතනයට ලක් වූ අහිංසක පුද්ගලයන්ට අනුකම්පා කරමින්, ප්‍රහාරකයන් හෙළා දකිමින් සහ ත්‍රස්තවාදීන් ඉස්ලාමීය ආගමෙන් ඉවත් කරමින් “නැවත නැඟිටීමේ දිනයක් නොව, ජීවිත අහිමි වූ දිනයක්” යන තේමාවෙන් කවියක් ද විය.

මෙම කවියා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්ත විරෝධී හා විමර්ශන අංශය විසින්, රුදුරු ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ විධිවිධාන යටතේ, ‘ශිෂ්‍යයන්ට වර්ගවාදය හා අන්තවාදය ඉගැන්වීමත්, ඒ සම්බන්ධ පොත් පළ කිරීමත්’ යන චෝදනා මතය. දින 579කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අතර අහ්නාෆ් පසුගියදා පුත්තලම මහාධිකරණයෙන් ඇප මත මුදා හැරියේ අප කොන්දේසි ලෙස රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුනක් ද, සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා, උදෑසන 9-12 අතර පුත්තලම ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අත්සන් කිරීමටත් නියෝග කරමිනි. එසේම නඩුව කැඳවන සෑම දිනකම අහනෆ් ජසීම් අධිකරණයේ පෙනී සිටිය යුතු බවද අධිකරණය විසින් නියෝග කළේය. අහ්නාෆ් ගේ විදේශ ගමන් තහනම් කළද ඔහුට විදේශ ගමන් බලපත්‍රයක් තිබුණේ නැත. මේ බව තහවුරු කිරීමට අහ්නාෆ් ජසීම්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇත්දැයි සොයා බැලූ අතර ඔහුට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසත් ආගමන විගමන පාලකට දැනුම් දීමට ද අධිකරණයෙන් නියෝග ලැබුණි.

එසේම අහ්නාෆ්ගේ ස්ථිර ලිපිනයේ යම් වෙනසක් සිදු වන්නේ නම් ඒ බව අධිකරණයට දැනුම් දිය යුතු බවය. මේ සියල්ලන්ම පසුව ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමෙන් පසු අහනාෆ් ජසීම් ඇප මත නිදහස් විය.

අත්අඩංගුවට ගෙන දින 500කටත් අධික කාලයකට පසු ඇප හිමි වූ කවියාගේ කතාව

එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. පුත්තලම මහාධිකරණයෙන් ඇප ලැබුණත් අහ්නාෆ් ජසීම්ට ගෙදර යාමට නොහැකි විය. පුත්තලම අධිකරණයෙන් දින 579 කට ආසන්න කාලයකට පසු ඇප ලැබූ අහ්නාෆ් ජසීම් යළිත් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර ගත කිරීමට පියවර ගත්තේය.

ඒ පුත්තලම මහාධිකරණයෙන් ඇප ලැබුණ ද, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩුවට අදාළව අහ්නාෆ් රිමාන්ඩ් කර ඇති නිසාය. නමුත් මේ නිදහස් කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිය යුතු වුවද ඔහුගේ නිතීඥයන් පවසා තිබුණේ මෙසේ ඇප ලැබී නිදහස් නොවූයේ බන්ධනාගාරයේ තාක්ෂණික දෝෂයක් නිසාවෙන් බවය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවට අදාළ ව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බවත් ඇප නියම වී ඇත්තේ එම නඩුවට අදාළ ව බවත් අහ්නාෆ්ගේ නීතිඥවරු පවසති.

අහ්නාෆ් ජසීම් වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ජයසේකර ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පසුගිය කාලය පුරාම පෙනී සිටිමින් ඔහු නිදහස් කර ගැනීම සඳහා වෙහෙසුණහ. එසේම දෙස් විදෙස් සංවිධාන සහ පුද්ගලයන් අහ්නාෆ්ගේ නිදහස සහ ඔහුට යුක්තිය ඉටු කර ගැනීම සඳහා පෙනී සිටියහ.

බොහෝ අය චෝදනා කරන්නේ දෙමළ, අරාබි හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පොත් ඇතුළුව පොත් 49 ක් ද සමඟ මෙම ‘නවරසම්’හි පිටපත් 100 ක් පමණ ඔහුගේ පොත් රාක්කයේ තිබී එකතු කොට ගෙන ගිය බවය.

නිරම්පි වලියුම් නිසප්තම් (පිටාර යන නිහඬතාව) නම් දෙමළ කාව්‍ය සංග්‍රහය ද ඒ අතර වූ බව සැලය.

වාර්තාව – සිළුමිණ (ලේක්හවුස්)

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago