ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි ඉකුත් දා පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයට වැඩමකර සන්දේශයක් භාර දුන්නා. ඒ පාකිස්තානයේ දී ලාංකිකයෙකු ඝාතනය කිරීාම් සිද්ධියේ පසු භූමිකාවට අදාළවයි.
උන්වහන්සේ සිය සන්දේශයෙන් පෙන්වා දී තිබුණේ, දෙරටේ රාජ්‍ය නායකයන් මෙම සිද්ධියේ දී සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසි පරිදි ආරක්ෂා කර ගනිමින් සංහිඳියාවෙන් යුතුව ක්‍රියා කළ බවයි. එමගින් දෙරටට ම කැළලක් ඇති නොවන අයුරින් මිත්‍රශීලී සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති අවස්ථාව අහිමි නොකළ බව උන්වහන්සේ අවධාරණය කර තිබුණා.
එසේ ම එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන, සිද්ධියට අදාළ සැකකරුවන් රැසක් අත් අඩංගුවට ගෙන පෙන්වමින් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දුන් සංඥාව, එම පරිසරය නිර්මාණය වීමට බලපෑ බව උන්වහන්සේගේ මතයයි. පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝග ප්‍රකාරව බොහෝ දේ වේගවත්ව සිදුවන බව සීලරතන හිමියන් පවසනවා.
සීලරතන හිමියන් සඳහන් කරන්නේ මෙහිදී එම කාර්යාලය පාර්ශවයෙන් ද උන්වහන්සේට පැසසුම් හිමි වූ බවයි. කලබලකාරී වාතාවරණයක් ඇති කර සමාජය නොසන්සුන් කරන පිළිවෙතක නොසිටීම වැදගත් භූමිකාවක් බව එම මහ කොමසාරිස් කාර්යාලයේ අදහස වී තිබෙනවා.
මේ අතර සංඝ සමාජයේ විවිධ භික්ෂූන් වහන්සේ අතර ඇතිවන විරසකතාවයන් බෞද්ධ ජන සමාජයට ඇති කරන බලපෑම පිළිබඳව අප උන්වහන්සේගෙන් විමසා සිටියා. සීලරතන ස්වාමීන්වහන්සේ සඳහන් කළේ බලය ලැබුණු පසු බලය භාවිත කිරීම ප්‍රවේශමෙන් සිදු කිරීම වැදගත් බවයි.
එසේම විවිධ වෘත්තීන්වල සේවය කර පසුව පැවිදිව සංඝ ශාසනයට ඇතුළත් වූ භික්ෂූන් වහන්සේ වැඩිහිටි ස්වාමීන්වහන්සේට ගරු කිරීමේ ඇති වැදගත්කමද උන්වහන්සේ සිහිපත් කළා.
සීලරතන හිමියන් අවධාරණය කරන්නේ භික්ෂූන් වහන්සේ වචන හැසිරවීමේ දී ප්‍රවේශම් විය යුතු බවයි.
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…