බලපත්‍රයක් නැතිව ‘සකුරා’ අලි පැටවා ළඟ තබා ගත්තේ යැයි වැඩ තහනමට ලක්ව අධි චෝදනා ලැබ සිටි හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විත්තියේ සාක්ෂි නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (16) තීන්දු කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිවාචකයක් නොකැඳවා තිළිණ ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
මේ නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පත්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු බව කියන චන්ද්‍රරත්න යටවර යන අය නිදහස් නොකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විත්තිවාචකය ජනවාරි 21 දා කැඳවීමට තීරණය කළේය. තිළිණ ගමගේ මහතාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට තරම් සාක්ෂි පැමිණිල්ල මඟින් ඉදිරිපත් කර නැති බැවින් විත්තිවාචකය නොකැඳවා ගමගේ මහතා නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ පසුගිය නොවැම්බර් 11 දා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා මේ නියෝගය නිකුත් කළේය. 2008 නොවැම්බර් 6 දාත් 2015 මැයි 18 දාත් අතර කාලයේදී මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත්‍රයක් නැතිව පොදු දේපොළක් වන අලි පැටවකු ළඟ තබා ගැනීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව වනාන්තරයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා‘ නම් අලි පැටවකු ළඟ තබා ගැනීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධි චෝදනා 25ක් මත විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මේ නඩුව පවරා ඇත. සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ තිළිණ ගමගේ මහතාගේ සේවය ඉකුත් යහපාලන සමයේදී තහනම් කෙරිණි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM