පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන සංයුතියෙන් යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මින් ඉදිරියට වෙළඳපොළට නිකුත් කරන බවට සහතික වෙමින් ලිට්රෝ ගෑස් සමාගම දිවුරුම් ප්‍රකාශ දෙකක් අභියාචනාධිකරණයට ඊයේ (16) ඉදිරිපත් කළේය.
අදාළ සිලින්ඩරයේ අඩංගු සංයුතිය සඳහන් ස්ටිකරයක් එහි ප්‍රදර්ශනය කිරීමට එම දිවුරුම් ප්‍රකාශ මඟින් එකඟතාව පළ කරන ලදි.
එසේම ගෑස් සිලින්ඩර බෙදා හැරීම සහ ඒවා නැවත කැඳවීම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියා මාර්ග සහ ඉදිරියට ගැනීමට අපේක්ෂිත පියවර සම්බන්ධයෙන් කරුණු එම දිවුරුම් ප්‍රකාශවල අන්තර්ගත විය.
අනාරක්ෂිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් සහ වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ලිට්රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා මේ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළේය.
ආචාර්ය රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී වගඋත්තරකාර ලිට්රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා සඳහන් කළේ සිය අධිකරණය හමුවේ මීට පෙර ඇති කර ගත් එකඟතාව අනුව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් අත්සන් කළ දිවුරුම් ප්‍රකාශ දෙකක් අධිකරණයට ඉදිරිපත් කරන බවය.
ඒ අනුව ප්‍රශ්නගත ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට කටයුතු කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත සංයුතිය සහිත ගෑස් සිලින්ඩර පමණක් බෙදාහැරීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
ගෑස් සිලින්ඩරයේ ප්‍රමිතිය තීරණය කිරීම සඳහා ප්‍රමිති ආයතන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් ලබන 20 දා පැවැත්වෙන අතර, ඒ සම්බන්ධ තීරණ කඩිනමින් ගන්නා ලෙස නීතිපතිවරයා එම ආයතනයට දැනුම් දී ඇතැයි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
අනාරක්ෂිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ළඟ තබා ගැනීම අනතුරුදායකය බැවින් භාවිත කළ සිලින්ඩර නැවත දීමට කැමති පාරිභෝගිකයන්ට ඒ සඳහා අවසර දෙන ලෙස නියම කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී රජයේ නීතිඥවරයා ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ එසේ වුවහොත් කිසිදු ගෑස් සිලින්ඩරයක් කිසිදු පුද්ගලයකුට තබා ගත නොහැකි අතර විශාල ගැටලුකාරි තත්ත්වයක් ඒ නිසා ඇති විය හැකි බවයි. කරුණු සලකා බැලූ අධිකරණය ඒ පිළිබඳ නියෝගය අද (17) ප්‍රකාශ කිරීමට තීරණය කළේය.
ලාෆ්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ්, ලිට්රෝ ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, රජයේ ප්‍රධාන තක්සේරුකරු ඇතුළු දස දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
තොරතුරු උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…