Saturday, July 25, 2026
Homeදේශීයලොව දක්ෂතම ක්‍රීඩකයා සම්මානයට දිමුත් කරුණාරත්න

ලොව දක්ෂතම ක්‍රීඩකයා සම්මානයට දිමුත් කරුණාරත්න

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන සම්මාන උලෙළ අතුරින් විශාලතම ගෞරවය හිමි වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වෙයි. මේ සඳහා ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් 5ක් නිර්දේශ වී ඇති අතර, එයින් දිමුත් කරුණාරත්න කැපී පෙනෙන තරුවක් බවට පත්ව සිටී.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සෑම වසරකම, අයිසීසී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ එක්දින ක්‍රීඩකයා, වසරේ විස්සයි 20 ක්‍රීඩකයා හා වසරේ නැගී එන ක්‍රීඩකයා තෝරා සම්මාන උලෙළක් පවත්වනු ලබයි. එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පසුගිය වසරේ මේ සම්මානය හිමිකර ගත් අතර, 2004 වසරේ පළමු සම්මාන උලෙළේදී රාහුල් ඩ්‍රාවිඩ්ට මුල්වරට සම්මානය පිරිනැමිනි.

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රීඩාවේ විශේෂඥයකු වන අතර, මේ වසරේ රට වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වේ. මේ වසරේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 7කදී ලකුණු 902ක් ලබා ගැනීමට කරුණාරත්න සමත්ව ඇත්තේ ලකුණු සාමාන්‍යය 69.38ක් ලෙස රඳවා ගනිමිනි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල මේ වසරේ සියලුම පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ඔහු සතු වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් මේ වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේදී බංග්ලාදේශයට එරෙහිව ද්විත්ව ශතකයක්, දකුණු අප්‍රිකාවට, බංග්ලාදේශයට හා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් ලබාගෙන ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා මේ වසරේ නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 3කට ක්‍රීඩා කර ලකුණු 379ක් ලබා සාමාන්‍යය 63.2ක් රඳවාගත් ඩෙවොන් කොන්වේ, පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 9කට ක්‍රීඩා කර ලකුණු 455ක් ලබා සාමාන්‍යය 45.50ක් රඳවා සිටින මොහොමඩ් රිස්වාන්, එංගලන්තය වෙනුවෙන් මේ වසරේ ටෙස්ට් තරග 13කදී ලකුණු 1544ක් ලබා සාමාන්‍යය 57.61ක් ලැබූ ජෝ රූට් හා ඉන්දියාව වෙනුවෙන් මේ වසරේ ටෙස්ට් තරග 8කදී කඩුලු 52ක් දවා සාමාන්‍ය 16. 23ක් රඳවාගත් රවිචන්ද්‍රන් අශ්වින් තරගකරුවන් අතර සිටිති.

READ:   මාධ්‍ය සංවිධානයක් විශේෂ සාකච්ඡාවක් කැඳවයි!මාධ්‍යකරණයට කැමති කාටත් අනගි අවස්ථාවක්

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්