දේශීය

“පාලකයෙක් නැති රටක තත්ත්වයට පාර කැපීමයි මේ වෙමින් තිබෙන්නේ” – අනුර ප්‍රියදර්ශන යාපා

ආර්ථික ප්‍රශ්නය යනු සත්‍යය පිළිගෙන ඒ සමඟ විසඳිය යුතු ගැටලුවක් බව පොදුජන පෙරමුණේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසනවා. ආර්ථිකය දැනටත් පවතින්නේ ඉතාමත් අසීරු අඩියක බව ඔහුගේ විශ්වාසයයි. විශේෂ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“ආර්ථික ප්‍රශ්නය සත්‍යගරුකව විසඳන්න ඕන වැඩක්.එහෙම නැතුව හැංගි හොරා විසඳන්න ඕන එකක් නෙවෙයි. ඇත්ත එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නිලධාරීන් සහ ප්‍රධානීන් එක්ක විතරයි අපට ඉස්සරහට ගමනක් යන්න පුළුවන්”

මේ අතර ඩොලර් අර්බුදයන රට ඇති මොහොතක, මන්ත්‍රීවරු, ජනාධිපතිවරු පුද්ගලික සංචාර සඳහා විදෙස්ගතවීම ගැන life traveler නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ” ජනාධිපතිවරයාගේ සංචාරය ගැන නම් තමන් නොදන්නා නමුත් මෙය නිවාඩු ගැනීමට කාලයක් නොවන බවයි.

“මිනිස්සු එක්ක දුක බෙදාගෙන සහයෝගයෙන් වැඩ කරන්න ඕන කාලයක්. එහෙම නැතුව එහෙ මෙහෙ ඇවිදින්න යන්න පුළුවන් කාලයක් නෙවෙයි.”

ඔහු ගෑස් ප්‍රශ්නය ගැන දැඩි අවධානයකින් මත පළ කළා.

“අපේ ගෙදර ගෑස්වලින් නෙවෙයි දැන් උයන්නේ. මොකද අපේ ගෙදර වැඩ කරන අයව අමාරුවේ දාන්න බෑ අපිට”

“අද වෙනකල් ගෑස්වලට වු⁣ණේ මොකද වුණේ කියලා දන්නෙ නෑ. අපි දන්නෙත් නෑ. වෙන රටක නම් මෙලහකට ගෑස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය කනෙන් අල්ලලා රිමාන්ඩ් එකට දාලා. එයාලා මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. එවැනි තත්ත්වයකට රට යනවා කියන්නේ ඒක ආරාජිකභාවයකට පාර කැපීමක් . අධ්‍යක්ෂක මණ්ඩලය කතා කරන්නෙත් නෑ. මෙවැනි රටක්! මේකේ පාලනයක් වෙන්නේ නෑනෙ. මෙතන තියෙන්නේ වෙන මොකක් හරි. රටක් ගෙනියනව නම්, හැමෝටම එක නීතියක් තියෙන්න ඕන.”

මේ අතර කැබිනට් මණ්ඩලයටත් එපිටින් තව කවුරුන් හෝ සිටින බව පෙනී යන බව ඔහු පැවසුවේ නැගුණු ප්‍රශ්නයකට ප්‍රත්චාර වශයෙන්.

“මේක බන්ධුල ඇමතිතුමා මට වැඩිය හොඳට කියලා තිබුණා. එතුමගෙන් තමයි අහන්න ඕන. මොකද මම කැබිනට් නෑනේ.”

සම්පූර්ණ සාකච්ඡාව

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago