දේශීය

“පාලකයෙක් නැති රටක තත්ත්වයට පාර කැපීමයි මේ වෙමින් තිබෙන්නේ” – අනුර ප්‍රියදර්ශන යාපා

ආර්ථික ප්‍රශ්නය යනු සත්‍යය පිළිගෙන ඒ සමඟ විසඳිය යුතු ගැටලුවක් බව පොදුජන පෙරමුණේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසනවා. ආර්ථිකය දැනටත් පවතින්නේ ඉතාමත් අසීරු අඩියක බව ඔහුගේ විශ්වාසයයි. විශේෂ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“ආර්ථික ප්‍රශ්නය සත්‍යගරුකව විසඳන්න ඕන වැඩක්.එහෙම නැතුව හැංගි හොරා විසඳන්න ඕන එකක් නෙවෙයි. ඇත්ත එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නිලධාරීන් සහ ප්‍රධානීන් එක්ක විතරයි අපට ඉස්සරහට ගමනක් යන්න පුළුවන්”

මේ අතර ඩොලර් අර්බුදයන රට ඇති මොහොතක, මන්ත්‍රීවරු, ජනාධිපතිවරු පුද්ගලික සංචාර සඳහා විදෙස්ගතවීම ගැන life traveler නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ” ජනාධිපතිවරයාගේ සංචාරය ගැන නම් තමන් නොදන්නා නමුත් මෙය නිවාඩු ගැනීමට කාලයක් නොවන බවයි.

“මිනිස්සු එක්ක දුක බෙදාගෙන සහයෝගයෙන් වැඩ කරන්න ඕන කාලයක්. එහෙම නැතුව එහෙ මෙහෙ ඇවිදින්න යන්න පුළුවන් කාලයක් නෙවෙයි.”

ඔහු ගෑස් ප්‍රශ්නය ගැන දැඩි අවධානයකින් මත පළ කළා.

“අපේ ගෙදර ගෑස්වලින් නෙවෙයි දැන් උයන්නේ. මොකද අපේ ගෙදර වැඩ කරන අයව අමාරුවේ දාන්න බෑ අපිට”

“අද වෙනකල් ගෑස්වලට වු⁣ණේ මොකද වුණේ කියලා දන්නෙ නෑ. අපි දන්නෙත් නෑ. වෙන රටක නම් මෙලහකට ගෑස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය කනෙන් අල්ලලා රිමාන්ඩ් එකට දාලා. එයාලා මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. එවැනි තත්ත්වයකට රට යනවා කියන්නේ ඒක ආරාජිකභාවයකට පාර කැපීමක් . අධ්‍යක්ෂක මණ්ඩලය කතා කරන්නෙත් නෑ. මෙවැනි රටක්! මේකේ පාලනයක් වෙන්නේ නෑනෙ. මෙතන තියෙන්නේ වෙන මොකක් හරි. රටක් ගෙනියනව නම්, හැමෝටම එක නීතියක් තියෙන්න ඕන.”

මේ අතර කැබිනට් මණ්ඩලයටත් එපිටින් තව කවුරුන් හෝ සිටින බව පෙනී යන බව ඔහු පැවසුවේ නැගුණු ප්‍රශ්නයකට ප්‍රත්චාර වශයෙන්.

“මේක බන්ධුල ඇමතිතුමා මට වැඩිය හොඳට කියලා තිබුණා. එතුමගෙන් තමයි අහන්න ඕන. මොකද මම කැබිනට් නෑනේ.”

සම්පූර්ණ සාකච්ඡාව

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

12 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

13 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago