Tuesday, April 21, 2026
Homeදේශීයපාවිච්චි කළ කොටස් එකලස් කිරීම් ඇතුළු නීතිමය ගැටලු ඇති වාහන රටට මුදාහරින...

පාවිච්චි කළ කොටස් එකලස් කිරීම් ඇතුළු නීතිමය ගැටලු ඇති වාහන රටට මුදාහරින තීරණය ආරක්ෂාව පැත්තෙන් අවදානම්. -වාහන ආනයනකරුවන්ගේ සංගමය

වාහන ආනයන සීමාව තවදුරටත් පවත්වාගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. මේ අතර මෙවර අයවැයෙන් වාහන ආනයනය සම්බන්ධව බල පැවැත්වෙන පරිදි ගෙන එන විශේෂිත බද්ද පැනවීමෙන් වළකින ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන, රංජන් පීරිස් මහතා මෙවන් අදහසක් පළ කරනවා.

“ඇත්තෙන්ම මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් වුණා තීරණයක්, නීත්‍යානුකූල නොවන ගැටලු ඇතිව රට තුළ තිබෙන සහ වරායේ තියෙන, නීත්‍යානුකූල නොවන ආකාරයට ආනයනය කරපු වාහනවලට අදාළව.

එම වරද කළ අයට වරදට සුදුසු දඩයක් නියම කර, දඩය ⁣ගෙවා එම වාහනය නිෂ්කාශනය කරගැනීමට, වාහනය ලියාපදිංචියට හැකියාව දෙන බවට. අපි මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන් විරුද්ධයි. මොකද ඒ වගේ ගොඩක් වාහනවල ප්‍රශ්න තියෙනවා. එකක් තමයි, ඒ වගේ ගොඩක් ආපු වාහනවල විදේශයේ පාවිච්චි කරන ලද කොටස් එකලස් කිරීමෙන් සකස් කරපු වහන වෙන්න පුළුවන්.එහෙම නැත්නම් වාහනයක් දෙකට කපලා ගෙනත් පෑස්සුම් කරන ලද ඒවා වෙන්නත් පුළුවන්.”

“එවන් වාහනයක් යම්කිසි අපේ පාරිභෝගිකයෙකු පාවිච්චියට ගන්න විට, එහි ගමන් ගන්නා මගියාගේ ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් එනවා. තද නීති පද්ධතියක් තිබුණ වාතාවරණයක් තමයි තිබුණේ මීට කළින්, ඔය වගේ කාරණාවලදී. පොඩි තාක්ෂණික දෝෂවලට අදාළ වාහන නම් තත්ත්වය පරීක්ෂණයකින් පසුව ඒ වාහනය රටේ භාවිතාවට එකතු කළාට කමක් නැහැ. නමුත් අර වගේ අවදානම් ඒවා රටේ පාවිච්චියට ලබා දීම පාරිභෝගිකයාට කරන ලොකු අසාධාරණයක්. ඒක අවදානමක්. කුමන දඩයක් පනවලා වුණත් ඒක එහෙම කරන එක පාර්ශව ගණනකට අසාධාරණයක්. එහෙම කරන්න එපා.”

READ:   ජේෂ්ඨ මාධ්‍යවේදී ආනන්ද පද්මසිරි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්