දේශීය

ගෑස් ප්‍රශ්නය ගැන ජනමාධ්‍යවේදීන් කළ පැමිණිලි විභාගයට.

ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන කළ පැමිණිලි දෙකක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී කැඳවනු ලැබීය. පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් වන ඉඳුනිල් උස්ගොඩ ආරච්චි සහ එම් එච් එම් ෆසීර් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර වගඋත්තරකාර ආයතන වන පාරිභෝගික සේවා අධිකාරිය, ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් එම ආයතනවල වගකිවයුතු නිලධාරීහු පිරිසක් ද පැමිණ සිටියහ.

පැමිණිල්ල විමර්ශනය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන වෛද්‍ය එම් එච් නිමල් කරුණාසිරි සහ අනුෂයා ශම්මුගනාදන්, අධ්‍යක්ෂවරුන් වන සුලාරි ලියනගම සහ නිහාල් චන්ද්‍රසිරි , විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලාල් වීරසිංහ සහ විමර්ශන නිලධාරීන් පිරිසක් ඉදිරියේය.
පැමිණිල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ නියෝජිතයන් කරුණු දක්වමින් ගෑස් සිලින්ඩර ආශ්‍රිතව වූ පිපිරීම් ගැන වගකිවයුතු ආයතන තම වගකීම් පැහැර හැර ඇති බව පෙනී යන නිසා ඒ ගැන විමර්ශනය කරන ලෙසත්, මෙවැනි සිදුවිම් යළි නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරන ලෙසත් ඉල්ලා සිටියහ. වෙනත් පාරිභෝගික භාණ්ඩවල දවටනයේ නිශ්පාදිත දිනය, ඇසිරුම් කළ දිනය සහ අඩංගු ද්‍රව්‍යවල ප්‍රමාණයන් ප්‍රදර්ශනය කරනවා සේම ගෑස් සිලින්ඩරවලද අදාල තොරතුරු ඇතුළත් ලේබලයක් ප්‍රසිද්ධ කිරීමට නිර්දේශ කරන ලෙසත් පැමිණිල්ලට අදාලව ලිට්‍රෝ සමාගම ද වගඋත්තරකරුවෙක් කරන ලෙසත් පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ.
ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් වාර්තා වූයේ කුමන කාලයක සිටදැයි මානව හිමිකම් කොමිෂන් සභාව වගඋත්තරකරුවන්ගෙන් විමසා සිටි අතර පාරිභෝගික අධිකාරියේ පාර්ශවය ප්‍රකාශ කළේ මහජනයා විසින් පැමිණිලි කිරීමට පෙර පසුගිය අප්‍රේල් මාසයේ සිටම ගෑස්වල සංයුතිය වෙනස් කර තිබීම සම්බන්ධයෙන් ක්‍රියාක්මක වූ බවයි.
ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන මානව හිමිකම් කොමිසම ප්‍රශ්න කළ අතර පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ලිට්‍රෝ සහ ලාෆ් සමාගම්වලට එරෙහිව නඩු පවරා ඇති බවයි. මේ සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මාසයේ ගැසට් නිවේදනයක් පවා පළ කළ බව එම ආයතනය කීවේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ ගැන දීර්ඝව ප්‍රශ්න කළ අතර ඊට අදාල ඇතැම් තොරතුරු ඉදිරිපත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට සහ අදාල රාජ්‍ය අමාත්‍යංශයට නොහැකි විය.
වර්ණ මුද්‍රා ක්‍රමය මගින් අලුතින් නිකුත් කළ ගෑස් සිලින්ඩර හඳුනා ගත හැකි බව පාරිභෝගික සේවා අධිකාරිය සහ රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දුන්නේය. වර්ණ ක්‍රමය ගැන ජනතාව හරි හැටි දැනුම්වත් වීනොමැති බැවින් අනතුරු දායක සහ අනතුරු දායක නොවන සිලින්ඩර හඳුනා ගැනීම ගැන නිසි ආකාරයට කඩිනමින් ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අදාල ආයතනවලට නිර්දේශ කළේය.
හානිවලට වන්දි ගෙවන ක්‍රමවේයක් සකස් කරන ලෙසත් මානව හිමිකම් කොමිසම දැනුම් දුන්නේය.
මෙම නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සතියක් තුළ දැනුම් දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට සහ රාජ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්නේය. ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටලුව සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මේ වන තෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සතියක් ඇතුළත ලිඛිත කරුණු දැක්වීමක් කරන ලෙසත් දැනුම් දුන්නේය

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

1 day ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

1 day ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 days ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 days ago