මැතිසබයේ සහ ඉන් පිටත පසුගිය සතියේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ කමිටුවේ කටයුතු සිදු කරන තෙක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වී එහි කටයුතු කරගෙන යෑමට සහාය වන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය
මැතිසබයේ සහ ඉන් පිටත පසුගිය සතියේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ කමිටුවේ කටයුතු සිදු කරන තෙක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වී එහි කටයුතු කරගෙන යෑමට සහාය වන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.
පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳව සොයා බැලීමට මෙම කමිටුව පත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් යැයිද අයවැය විවාදය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා කීවේය.
මේ කමිටුව සඳහා පත් කිරීමට සමහර මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවත් ඒ අය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම කමිටුව අද දිනයේ පත් කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
මේ අතර සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (8) පාර්ලිමේන්තුවට පැමිණෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. කථානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව එම පක්ෂය මේ තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.
දිනමිණ පුවත්පත ඇසුරින්
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…