පාකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ එරට පරීක්ෂණ වේගවත්ව හා ක්‍රමවත්ව ඉදිරියට යන බව පෙනෙන්නට තිබෙනවා. එරට ආරක්ෂක අංශ හා සිවිල් ආයතනවල තොරතුරු උපුටා දක්වමින් සිදු කරන මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ සියල්ල පෙළ ගැසෙමින් පවතින්නේ පකිස්ථාන අගමැතිවරයා පොරොන්දු වූ ආකාරයේ යුක්තිය පසිඳලීමක් වෙනුවෙන් බවයි.
පැය 24කට අඩු කාලයකදී සිද්ධියට අදාළව වැටලීම් 200ක් සිදු කර ඇති අතර මේ වන විට පුද්ගලයින් 120 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් වාර්තා වෙනවා. ප්‍රධාන අපරාධකරුවන් 13ක් ම ඒ අතරට අයත්. පන්ජාබ් පොලිසිය සඳහන් කළේ, මෙම සිදුවීමට සම්බන්ධ අය සී.සී.ටි.වි දර්ශන උපයෝගී කර ගනිමින් හඳුනා ගන්නා බවයි. කැමරා 160ක පැය 12ක කාලයකට අදාළ පටිගත කිරීම මේ වන විට විමර්ශනයට බඳුන්ව තිබෙනවා. ඒ අනුව පටිගතවීම් පැය 1920 ක් විමර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි අනුමාන කළ හැකියි. ඊට අමතරව විමර්ශන කණ්ඩායම් සිටින්නේ ජංගම ඇමතුම් දහසකට අදාළ දත්ත විශ්ලේෂණය ද සිදු කරමින්. මෙම කාර්යක්ෂමතාව මේ මොහොතේ පාකිස්ථානය දෙස බලා සිටින සෙසු රටවලට ද ආදර්ශයක් නමුත් එහි නිමාව ද සැබෑ යුක්තියක් වෙනුවෙන් ම විය යුතුයි.
පකිස්ථාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු රජය යුක්තිය ඉටු කරනු ඇති බවත්, එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කරනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස විශ්වාසය පළ කරන බව ජනපති වෙනුවෙන් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.
කෙසේ නමුත් අන්තවාදීන් සුළු පිරිසකගේ අමනෝඥ ක්‍රියාවක ප්‍රතිඵලයෙන් අහිමි වූ ජීවිතය යළි එම වින්දිතයාගේ පවුලේ අයට යළි රැගෙක දීමට නොහැකි බව කාටත් වේදනාවෙන් පිළිගැනීමට සිදුවන යතාර්ථයයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…