දේශීය

“එක නීතියක්” ගැන ඥානසාර හිමියන් නැගෙනහිරට වැඩම කර, වදාළ මතය..

“එක රටක්, එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් සහ ඉහළ පිළිගැනීමක් හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

“එක රටක් එක නීතියක්” වෙනුවෙන් මහජන අදහස් විමසීම ඊයේ (04) මඩකළපුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණ.

ස්වාමීන්වහන්සේ, පූජකවරු, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දැක් වූහ. යෝජනා වාචිකව හා ලිඛිතව කමිටුවට ඉදිරිපත් කෙරිණ.

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය අදහස් ගැනීමට නැගෙනහිරට ද පැමිණීම පළාතේ ජනතාවට දැක්වූ ගෞරවයක් ලෙස සලකන බව ඔවුහු ප්‍රකාශ කළහ.

බදුරියා ජුම්මා පල්ලිය – කාත්තණ්කුඩිය – 06, කල්මුණේ පල්ලිය සහ කඩට්කරයි පල්ලිය ඇතුළු ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන කීපයක් වෙත කාර්ය සාධක බලකායේ සාමාජිකයන් කැඳවාගෙන ගොස්, සුහදව අදහස් හුවමාරු කර ගත්හ. එහිදී විශේෂ ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද පළ කිරීම ද සිදු කෙරිණ.

මෙහිදී අදහස් දැක්වූ කාර්ය සාධක බලකායේ සභාපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් දීමට වත්මන් ජනාධිපතිවරයා අවංක උත්සාහයක නිරත වන බවයි. සැබෑ සාමයක් සංහිඳියාවක් අපේක්ෂා කරන බෞද්ධ භික්ෂූන් වහන්සේ, දමිල ස්වාමිවරු, මුස්ලිම් මවුලවිවරු, ක්‍රිස්තියානි පියතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයන් එක්ව එක රටක් එක නීතියක් ඉල්ලා මේ අවස්ථාවේ පෙරමුණ ගත යුතු බව ද උන්වහන්සේ පැවසූහ. අද අප විඳින දුක් වේදනා අනාගත දරු පරපුරට උරුම නොකළ යුතු බව ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය, මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් ආරම්භ කළේය.

අනතුරුව දින තුනක් තිස්සේ පැවති නැගෙනහිර පළාතේ අදහස් විමසීම අදින් අවසන් වෙයි . ඉදිරියේ දී ඉතිරි පළාත්වල ජනතා අදහස් විමසීමට නියමිතය.

මෙම අවස්ථාවට කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනෙවිය සහ කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම් පිල්ලෙයි දයානන්ද රාජා, යෝගීෂ්වරී පත්ගුණරාජා, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් වූහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

1 day ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

1 day ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

2 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

2 days ago