දේශීය

“කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය” -ජනපති

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා සම්බන්ධව ජනාධිපතිවරයා ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්..

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි. එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේ ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයකි.අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදු වූ වහා ම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්ථානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව කියනු කැමැත්තෙමි.එසේ ම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.සිදුවීම සැලවූ වහා ම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී.කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකය ම එක ම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමඟ මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago