Saturday, June 6, 2026
Homeදේශීයශ්‍රී ලාංකිකයෙකු පාකිස්ථානයේ දී ඝාතනය වීමේ සිද්ධිය ගැන එරට අගමැතිගේ දැඩි අවධානය

ශ්‍රී ලාංකිකයෙකු පාකිස්ථානයේ දී ඝාතනය වීමේ සිද්ධිය ගැන එරට අගමැතිගේ දැඩි අවධානය

රැකියාව සඳහා පාකිස්තානයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම ශ්‍රී ලාංකිකයා පාකිස්තානයේ කර්මාන්තශාලාවක ඉහළ තනතුරක සේවය කර තිබුණා.

පාකිස්තානයේ පන්ජාබ් හි සියල්කොට් නගරයේදී විශාල පිරිසක් මැද ඔහුට පහර දී ඝාතනය කර සිරුර පුළුස්සා ඇති බව වැඩිදුරටත් වාර්තා වුණ අතර මෙය වීඩියෝවක සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සිය රටට අවමානයක් බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. නීතිය අතට ගත් පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බව පන්ජාබ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාද අවධාරණය කර තිබෙනවා.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගේ බලාපොරොත්තුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්